Categories: දේශීය

නිරෝධායනය කර ඇති පවුල් සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සතොසෙන් රු.5000ක සහන මල්ලක් – බන්දුල

නිරෝධායනය කර ඇති පවුල් සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සතොසෙන් රු.5000/=ක සහන මල්ලක්…කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවේදී ගත් තීරණය පරිදි මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති පවුල් සහ වසංගතය පැතිර යාම උග්‍ර බවට හඳුනාගනිමින් ‍මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රු.5000/=ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සතොස ආයතනය විසින් කටයුතු සලසා ඇත.මෙරට පවත්නා වසංගත තත්වය හමුවේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශයන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහන මලු අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසැල් ජාලය විවෘතව තැබේ.මෙම සහන මල්ල සඳහා ඇතුළත් වන භාණ්ඩ මෙසේය.

1. සුදු නාඩු සහල් 10kg

2. රතු කැකුළු සහල් 5kg

3. පාන් පිටි 3kg

4. අල(දේශීය) 3kg

5. රතු පරිප්පු 2kg

6. සුදු සීනි කිලෝ 1kg

7. දුඹුරු සීනි කිලෝ

8. බීඵෑණූ 3 kg

9. හාල්මැස්සන් 500 g

10. නුඩ්ල්ස් 1 kg

11.දෙවැනි බත පැකට් 1 යි (350 g)

12. තේ කොළ 200 g

13.මිරිස් කුඩු 200 g

14. සෝයා මීට් 90g පැකට් 02

15. ගම්මිරිස් 100g.

16. ලුණු කැට 1 kg.

17.ක්‍රිම් ක්‍රැකර් බිස්කට් පැකට් 1 යි (500g).

18.මාරි බිස්කට් පැකට් 1 යි (350g).

19.මුහුණු ආවරණ 10 යි.

20. විෂබීජ නාශක දියර 100mlමාධ්‍ය ඒකකය,

වෙළෙඳ අමාත්‍යාංශය.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

19 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

19 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago