Categories: දේශීය

බදුල්ල කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ පරස්පරයක්?

ඌව පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යාංශය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ජාතික කොවිඩ් කමිටුව මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යා පිළිබඳව ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යා ලේඛන අතර බරපතල පරස්පරයන් තිබෙන බව හිටපු ආණ්ඩුකාර (දකුණු, මධ්‍යමා රජිත් කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කරයි.
බිම් මට්ටමින් ලැබෙන තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විසින් නිවැරදිව සටහන් කරනු ලබන මුත් දිස්ත්‍රික් හා ජාතික තොරතුරු වාර්තාවන්හි එම සංඛ්‍යා අඩුවෙන් වාර්තා කරන බවට ඒ මහතා චෝදනා කරන අතර ඒ සම්බන්ධයෙන් ජනතාව තුළද සැක මතුව ඇති බවද හෙතෙම අනාවරණ කරයි.
මෙයට විසඳුම වශයෙන් වෛද්‍ය පර්යේෂණගාර, රෝහල්, හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් දවසේ පැය 24 පුරා යාවත්කාලීන කළ හැකි දත්ත පද්ධතියක් ස්ථාපනය කළ යුතු බවට හෙතෙම අවධාඅරණය කළේ අද (10) නිකුත් කළ නිවේදනයකින්ය.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

16 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago