මධ්‍යම අප්‍රකාවේ කුඩා දිවයිනක් වන රුවන්ඩාව මිට දශකයකට පෙර මිනි කන දේශයක් වගේම ටූට්සි හා හුටූ ගෝත්‍රික ගැටුම් නිසා ලක්ෂ ගණනින් මිනිසුන් මරාගන්නා මිනිස් වාසයට නොසුදුසු රටක් ලෙස සැලකිය
ගෝත්‍ර 3 කින් සමන්විත රුවන්ඩාවේ බහුතරය හුටු 85% ය.ටූට්සි 14% කුත් ත්වා 1% ක් තරම්ය.
ජනවාර්ගික සිවිල් යුද්ධය 1990 ඉඳන් 1994 දක්වා වූ වසර 4ක් තුළ රටේ නැති වුණු ජීවිත ගණන ලක්ෂ 10ක්.නමුත් අද වන විට අප්‍රිකානු කාලාපයේ පිරිසිදුම රට වී ඇති රුවන්ඩාව දවසකට පස් වාතාවක් කිලාලි නගරයේ කානු පිරිසුදු කරන රටක් වී ඇත.
දිනකට කාන්තාවන් 10 දෙනෙක් දූෂණයට ලක් වූ රට මේ වෙනකොට ලෝකයේ වැඩිම කාන්තාවන් නියෝජනය කරන පාර්ලිමේන්තුව තිබෙන රට බවට පත් වෙල. ඒය සමස්ත පාර්ලිමේන්තු නියෝජනයෙන් සියයට 64ක් තරම් විශාල අගයක්
ජර්මන් රජයේ පූර්ණ අනුග්‍රහය මත ජර්මානු නිෂ්පාදනයක් වන වොක්ස්වැගන් මෝටර් රථ එකලස් කිරීමේ කම්හලක් එරට 2018 මාර්තු මාස විවෘත වීමත් සමඟ මිලියන 12ක ජනතාවක් ඉන්න රුවන්ඩාවේ ලක්ෂ පහක ජනතාවක් 2018 වර්ෂයේ තම රටේ එකලස් කරපු වොක්ස්වැගන් වාහන මිලදී ගැනීමට ලියාපදිංචි වෙනවා
2019 ඔක්තෝබර් 07 වැනිදා කිගාලි නගරයේ අප්‍රිකාවේ පළමු ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තශාලාව ඩොලර් මිලියන 24ක වියදමකින් ආරම්භ කර තිබෙනවා.අද වෙනකොට රුවන්ඩියානු තරුණ තරුණියන් 200කට අධික පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් දිනකට Smartphone 1,200ක් නිෂ්පාදනය කරනවා
ඩ්‍රෝන තාක්ෂණය සාර්ථකව උපයෝගී කර ගන්නා අප්‍රිකානු මහාද්වීපයේ එකම හා ප්‍රථම රට හැටියට රුවන්ඩාව රටේ රධාන නගරයෙන් ඈත පිහිටි බොහෝ ප්‍රදේශවල ගොවිබිම් සඳහා අවශ්‍ය බීජ බෙදා හැරීම සහ රටේ ජනතාවට විවිධ සෞඛ්‍ය හේතූන් මත අවශ්‍ය රුධිරය බෙදා හැරීම කරන්නේ ඩ්‍රෝන මඟින්
රුවන්ඩාවේ ප්ලාස්ටික් බෑග් තහනම් කරන ලද අතර කිගාලි යනු අප්‍රිකාවේ පිරිසිදුම නගරයයි.නගරය තුල පොලිතින් බැග් වෙනුවට කඩදාසි බැග් බාවිතා කරයී.සෑම මසකම අනිවාර්ය පිරිසිදු කිරීම සඳහා ප්‍රජා දිනයක් ද තිබේ.
රුවන්ඩාවට කඳු දහසකට වඩා ඇත. ඔවුන් එය කඳු දහසක් සහිත දේශයක් ලෙස හැඳින්වුවද, විවිධ පුද්ගලයින්ගෙන් ඇස්තමේන්තු කර ඇති ගණන් බැලීම්වලට අනුව රුවන්ඩාවේ කඳු 1030 කට වඩා තිබේ
ඔබ රුවන්ඩාවට ගිය විට, ගෝරිල්ලන් සංරක්ෂණය සඳහා තවත් පරිත්‍යාගයක් කළ යුතු නැත, ඔබ දැනටමත් එසේ කර ඇත. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන සෑම රජයේ ආදායමෙන් ප්‍රතිශතයක් ප්‍රජාවට ආපසු ලබා දෙනු ලැබේ. විශේෂයෙන් ඔවුන් ආපසු නොයන බවට වග බලා ගැනීම සඳහා උද්‍යානයෙන් නැවත පදිංචි කර ඇත
තේ සහ කෝපි යනු රුවන්ඩාවේ හොඳම සහ විශාලතම අපනයනයයි – රුවන්ඩාවේ කෝපි ටැනින් අඩු නිසා තිත්ත බවින් අඩු බැවින් කිරි හෝ වෙනත් කිසිවක් නොමැතිව රස බැලීමට හැකිය. එවිට ඔබට එහි සුවඳ නිසි ලෙස රස කර රස බැලීමට හැකිය. රුවන්ඩාවේ විශේෂිත කෝපි ජාත්‍යන්තර සම්මාන දිනාගෙන ඇති අතර එය Starbucks වැනි විශාලතම වෙළඳ නාමයන් විසින් භාවිතා කිරීම පුදුමයක් නොවේ
අනෙකුත් සියලුම අප්‍රිකානු ජාතීන්ට සහ අපේ රටට එමගින් ඉගෙන ගත හැකි ආදර්ශ කොතෙක් ඇත්දැයි සිතා බැලීම වටි
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…