Monday, April 20, 2026
Homeදේශීය'ස්ලිට්' ඩිජිටල් සම්මන්ත්‍රණයේදී දක්ෂයින්ට සම්මාන

‘ස්ලිට්’ ඩිජිටල් සම්මන්ත්‍රණයේදී දක්ෂයින්ට සම්මාන

නිරන්තරයෙන්ම පර්යේෂණ සිදුකරමින් සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් තම දායකත්වය ලබාදීමට අවධානය යොමු කරන, මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT (ස්ලිට්) පසුගියදා ඩිජිටල් සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය.
මෙම සම්මන්ත්‍රණය 2020 පර්යේෂණ සමාලෝචනය ලෙස නම් කර තිබූ කර තිබූ අතර එය සංවිධානය කරන ලද්දේ, SLIIT පශ්චාත් අධ්‍යයන හා පර්යේෂණ පීඨය විසිනි. එම සම්මන්ත්‍රණය සංවිධානය කිරීමේ අරමුණ වූයේ පර්යේෂණ කාර්යයන්හි නිරතව සිටින විද්වතුන් පර්යේෂණ කාර්යයන් සඳහා තවදුරටත් දිරිගැන්වීම හා පර්යේෂණ ප්‍රවර්ධනය වේ. එමඟින් SLIIT ආයතනයට, එහි සිසුන්ට මෙන්ම පොදුවේ සමාජයට ද ප්‍රතිලාභ සැලසෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.
මෙම සම්මන්ත්‍රණයට ආරම්භක 2018 වසරේ සිට සහභාගී වෙමින් තම පර්යේෂණ සොයාගැනීම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව, Sළෛඓඨ්හි සියලුම පීඨවලට අයත් පර්යේෂකයින්ට හිමි වන අතර සියලුම පීඨ අතර මනා සබඳතාවක් යටතේ පර්යේෂණවල මූලිකාංග ක්‍රියාත්මක වන බවත්, ඊට අනුකූලව පර්යේෂණවල අනාගතය සැලසුම් කළ හැකි බවත් තහවුරු කරගැනේ. එහිදී පර්යේෂණ ක්‍රියාකාරකම්, ප්‍රතිඵල මෙන්ම SLIIT හි දැක්ම අනුව යන සමාජ ප්‍රතිලාභ උදාකරගැනීමට ද අපේක්ෂිත ය. මෙවර මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේ අඛණ්ඩව තුන්වැනි වතාවටය.
ප්‍රථම වතාවට පර්යේෂකයින් ඇගයීමට, දිරි දීමනා ලබාදීමට මෙන්ම, සහතිකපත් හා සම්මාන ඵලක ලබාදීමට ද මෙවර පියවර ගෙන තිබුණි.
ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පිළිගැනීමක් සහිත විද්‍යා සඟරාවන්හි පළ වූ පර්යේෂණ පත්‍රිකා සහ පර්යේෂණ උපුටාගැනීම් වෙනුවෙන් අදාළ පර්යේෂකයින්ට සම්මාන පිරිනැමුණි. ‘කුසලතා‘ සහ ‘විශේෂ‘ යනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන ප්‍රදානය සිදුවිය.
ලොව විශිෂ්ඨතම පලමු 10%යේ ස්ථරයේ ඇති ගෝලීය විද්‍යා සඟරාවන්ගේ තම පර්යේෂණ පළ කරගැනීමට සමත් වූ පර්යේෂකයින්ට ‘විශේෂ’ සම්මාන හිමි විය. එමෙන්ම ලොව විශිෂ්ට සියයට 25 ස්ථාවරයේ සඟරාවන්ගේ තම පර්යේෂණ පළ කරගත් සෙසු පර්යේෂකයින්ට ‘කුසලතා’ සම්මාන හිමි විය.
මෙම සම්මන්ත්‍රණය අතරතුරදී සෑම පීඨයක්ම, තම පීඨයට අදාළ හොඳම පර්යේෂණ තුන සහ ඒවායින් සොයාගත් නව දැනුම ප්‍රකාශයට පත්කිරීමට පියවර ගෙන තිබුණි. ඊට අමතරව ප්‍රශ්නෝත්තර වැඩසටහනක්, පීඨාධිපතිවරුන්ගේ අදහස් දැක්වීමක්ද සම්මන්ත්‍රණයට ඇතුළත් විය.
වසර ගණනාවක් මුළුල්ලේ SLIIT සතු දැනුම සහ පර්යේෂණ ක්‍රියාකාරකම් නැංවීමට පශ්චාත් අධ්‍යයන හා පර්යේෂණ පීඨය විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. ගෝලීය ප්‍රගමනයත් සමඟ දැනුම කේන්ද්‍රීය කටයුතුවලදී පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා ඇති වටිනාකම වඩාත් ඉහළයි. ඒ වගේම විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උසස් පර්යේෂණ පහසුකම් සලසාදීම ඉතාම වැදගත් කාර්යයක්. වාර්ෂික සම්මන්ත්‍රණය හරහා අපගේ ආචාර්ය මණ්ඩලයේ පර්යේෂණ හැකියාවන්ගේ ප්‍රතිඵල වගේම, Sළෛඓඨ් සිසුන්ගෙන් ඊට ලැබෙන දායකත්වයත්, අභ්‍යන්තරව සහ බාහිර වශයෙන් ලැබෙන මූල්‍ය සහායත් හොඳින් විද්‍යාමාන වෙනවා.
තමන්ගේ පර්යේෂණ සොයාගැනීම් හුවමාරු කරගන්නා අතරේ, සෙසු විද්වතුන්ගේ ප්‍රතිචාර ලබාගැනීමටත්, බහු විෂයීය පර්යේෂණ කණ්ඩායම් සංවිධානය කරගැනීමටත්, ඒ හරහා වැඩි සමාජ ප්‍රතිලාභයක් උදා කරනු වස් දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායම් සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීමටත් අවකාශ උදාවෙනවා. මෙවර අපට පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමට වගේම පර්යේෂකයින් දිරිගැන්වීමටත්, සමාජය කරා එම පර්යේෂණ ප්‍රතිලාභ ගමන් කරවීමටත් හැකිවුණා”, යනුවෙන් සම්මන්ත්‍රණය පිළිබඳ අදහස් දක්වමින් SLIITහි පශ්චාත් අධ්‍යයන හා පර්යේෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය රාහුල අතලගේ මහතා පැවසීය.

READ:   වසන්ත මුදලිගේ අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්