දේශීය

කිරුළ අතහැරි රූ රැජිනගේ කතාව

ලාංකික විවාහක රූ රැජින ලෙස කිරුළු පරදා අනතුරුව ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳූ කැරොලින් ජූරි මහත්මිය ඊයේ (09) විශේෂ ප්‍රකාශයක් කළාය.
ඒ පසුගිය සතියේ පැවති ලෝක විවාහක රූ රැජින තරඟාවලියට සහභාගි වන ලාංකික විවාහක රූ රැජින තේරීමේ තරඟාවලිය අවසානයේදී ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැළඳි කිරුළ ආවේගශීලීව ගලවා දැමීම සම්බන්ධයෙනි.
එම සිදුවීමේදී ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඈට සිදු වූ අවමානය පිළිබඳව සහ සුළු තුවාල සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබූ අතර ජූරී තමන් ගත් ක්‍රියාමාර්ගය ගැන සමාදානය වීම ප්‍රතික්ෂේප කර තිබේ.
අනතුරුව ඊයේ (09) දින එම සිදුවීම, තමන්ගේ අවේගශීලී හැසිරීම ගැන කනගාටු වන බවත් පැහැදිලි කරන ප්‍රකාශයක් ජූරි නිකුත් කළාය.
ඇගේ ප්‍රකාශයේ සිංහල අනුවාදනයක් මෙහි දැක්වෙන අතර මීළඟ රූ රැජින වෙනුවෙන් තමන් කිරුළ ලබා දෙන බව පෙන්වන ජූරිගේ වීඩියෝව පහතින් දැක්වේ.

  • ආයුබෝවන්!
  • වනක්කම්!
  • සියලු ලෝ වැසියනි, මගේ ලස්සන රටේ සහ ලොව වටා ජීවත්වන සියලු ශ්‍රී ලාංකිකයිනි. කිරුල දිනාගත් සහ කිරුලක් දිනාගන්නට කැපවී වෙහෙස වූ, මගේ හිතවත් රූ රැජිනියනි.වාද මතවාදවලට තුඩුදුන්, පසු ගියදා සිදු වූ සිදුවීම ගැන මගේ අවංක කණස්සල්ල පළකර සිටිමි.කිසිවෙකු සමග පුද්ගලික ආරෝවක් මට නැත.පුද්ගලික න්‍යාය පත්‍ර ද මා ළඟ නැත.ශ්‍රී ලංකා විවිහක රූ රැජින තරගයේ අවසාන වටයට තේරී පත් වූ සියලු දෙනා මා ඉතාමත් අගය කොට සළකමි.”ඔවුනට ඔවුන්ගේ උපරිමයෙන් තරගවැද ජයගැනීමට තරම්, සාධාරණ සහ සැමට සමාන අවස්ථාවක් හිමිවන තරග පසුබිමක් වෙනුවෙන් මා පෙනී සිටිමි. මා කිසිම තරගකාරියකට පක්ෂපාතීව හෝ විරුද්ධව කටයුතු නොකළෙමි. මා නිරන්තරයෙන් සිටගත්තේ මා නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙනි.”මා හට 2020 ලෝක රූ රැජින තරගයේ තරගවැද ජයග්‍රහණය කිරීමට තරම්, සාධාරණ වේදිකාවක් නිර්මාණය කර දුන්, ආදරණීය ලෝක විවාහක රූ රැජින තරග සංවිධායකයින්ට එයින් අත්විඳින්නට සිදු වූ අපහසුතාවයක් වී නම්, මම ද එය අත්විඳිමි.ලොව වටා සහ මගේ රටේ වෙසෙන, පසුගිය සහ වර්තමාන රූ රැජින තරග ජයග්‍රාහිකාවන්ට එයින් අත් විඳින්නට සිදු වූ අපහසුතාවය මමද එලෙසින්ම අත් විඳිමි.සෑම රූ රැජින තරගයකටම ඊට අනන්‍ය වූ නීති රෙගුලාසි මාලාවක් ඇත.මා මුල සිටම පෙනී සිටියේ සාධාරණ වේදිකාවක් සහ සැමට සාධාරණ වූ නීති රෙගුලාසි වෙනුවෙනි.”තරගයක නීති රීති ඇත්තේ, ඒවාගේ අඩුපාඩුවලින් රිංගා යමින්, කෙසේ හෝ තරගයක් ජයග්‍රහණය කිරීමට නොවේ..තරගයකට නීති රෙගුලාසි ගෙන එන්නේ, අරමුණක් වෙනුවෙන් වේදිකාවක් සඳහා බව මගේ විශ්වාසයයි.මා මුලසිටම හඬනැගුවේ ඒ වෙනුවෙනි. නමුත්, අවාසනාවකට හඬනැගීම නොතකා හැරීම නිසාම, අවසාන තරගයට පෙර දිනයේදී, මා විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා අස්වූවෙමි.මගේ ක්‍රියකලාපය ඒ අභිමතාර්ථ සහ අරමුණු වෙනුවෙන් මගේ ක්‍රියාත්මකවීමයි.මා දකින ආකාරයට ලෝක විවාහක රූ රැජින කිරුළ යනු, විවාහ ජීවිතයක් ගෙවමින්, ඒ වෙනුවෙන් මහා කැපකිරීම් කරමින් වගකීම් දරමින්ම, තම තමන්ගේ සිහින ජයගන්නා විවාපත් කාන්තාවන්ගේ ජාත්‍යන්තර සැමරුමයි. සියලු වෙහෙස සහ කැපකිරීම් මැද පවා තමන්ව මග නොහැරගන්නා, එතැනින් නොනැවතී තරග වේදිකාවේ කිරුළ වෙනුවෙන් තරග කීරීමට උත්සහ ගන්නා, අසීමිත කැපකිරීම් කරන, වෙහෙස වන, හැකියාවක් ඇති, හරයක් සහ අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්නා විවාහක කාන්තාවන්ගේ සැමරුමයි.ලෝක විවාහක රූ රැජින තරගය නිර්මාණය කර ඇත්තේ, දික්කසාද හෝ පවුල් ජීවිතයෙන් වෙන් වූ කාන්තාවන්ව පහත් කොට සැළකීම සඳහා නොව, විවාහක ජීවිතයේ ඉන්නට තීන්දු කළ කාන්තාවන්ගේ සිහින සැමරීමට සහ ඔවුන්ව අගය කිරීමට බව මට තහවුරු කළ හැකිය.විවාහක අවිවාහක සියලු කාන්තාවන් ඇත්තටම රැජිනියන්ය. සෑම රැජිනියකටම තමන්ටම කියා වෙන් වූ විවිධාකාරයේ තරග වේදිකාවන් ඇත. ඒ ඒ වේදාකාවන් සහ තරගවලට අනන්‍ය වූ නීති රෙගුලාසිද ඇත.මේ වර ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ වැඩ කටයුතු කරන අතරතුරේදී තරගකාරියන්ගේ කැපවීම, වෙහෙස සහ උද්යෝගය මා අත්වින්දෙමි.ඔවුන් සියලු දෙනා සමග එක්ව, තවතවත උනන්දුවෙන් සහ වෙහෙස වී වැඩ කරන්නට, ඔවුන්ගේ උද්යෝගය මා හට පන්නරයක් වූ බව කිව යුතුමය.මා සැමවිටම මගේ අත්දැකීම් සහ දැනුම ඔවුන් සමග නොඅඩුව බෙදාහදාගත්තෙමි. 2020 ලෝක රූ රැජිනිය ලෙස කිරුලු පැළඳීමට මා ගමන් කළ දීර්ඝ වූත්, වෙහෙසකර වූත්, ඉතා අසීරු වූත් ගමන, මා හට ලබාදුන් දැනුම සහ අත්දැකීම් නිසාම, මා ළඟ ඔවුන් සමග බෙදාහදාගන්නට බොහෝ දේ ඇත.මේ වසරේ, ලෝක විවාහක රූ රැජින තරගයේ සත්කාරක රට ශ්‍රී ලංකාවයි.ඒ සඳහා ලෝකයේ නන් දෙසින් එන සියලු තරගකාරියන්ව අපි ආදරයෙන් පිළිගන්නා අතරම, අපේ රට නියෝජනය කරමින්, ශ්‍රී ලංකා විවාහක රූ රැජිනියටද, ලෝකයම සමග කරට කර තරගවැදීමට යළිත් අවස්ථාවක් හිමිවේ.එහිදී, සාධාරණ තර අවස්ථාවක් ලබාගැනීමට සහ හොඳ තරගයක්දීමට, අපේ විවාහක රූ රැජිනියව සූදානම් කිරීම, මුවහත් කිරීම සහ මගපෙන්වීම සඳහා මාගේ උපරිමයෙන් දායකත්වය ලබාදීම, මාගේ වගකීම සහ කර්තව්‍යය ලෙස මා සළකමි. ලෝකයම සමග තරගකොට, ලෝක රූ රැජිනිය ලෙස කිරුළු පැළඳි, ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස, මේ වර අපේ රට නියෝජනය කරන කාන්තාවට සාධාරණ තරග අවස්ථාවක් ලබාදීම සහ හොඳ තරගයක් දීම සඳහා ඇවැසි සුදුසුකම් සපුරාගැනීමට උපකාර කිරීම මගේ අරමුණයි. මා ජයග්‍රහණය කළ කිරුළ නැවත භාරදීමෙන් පසුව පවා, මගේ පවුල් ජීවිතය වෙනුවෙන් කරන කැපවීම් සහ වගකීම් දරන අතරේදීම, ඒ අරමුණ ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාත්මකවීම සහ වැඩ කිරීම මගේ සැලසුමයි.මා මේ කිරුළ නැවත භාර දෙන්නේ කෙසේද යන කාරණාවට වඩා, 2020 ලෝක රූ රැජිනිය ලෙස ඒ කිරුළ දරණ කාලයේදී, මා ජීවත්වන සහ නියෝජනය කරන ලෝකය වෙනුවෙන් මා එය කෙළෙස යොදාගත්තේද යන්න වඩා වැදගත් බව මා විශ්වාස කරමි. මා විසින් සමහරවිට ඔබගේ මනෝලෝකයන් කඩා විසුරුවා දමන්නට ඇති බව මා දනිමි.සමාජ සංවාදයක් ඇති කළ බවද දනිමි.එපමණක් නොවේ, කිරුළක් දරණ රූ රැජිනකට තිබිය යුතු වැදගත්කම් සහ ඇය පෙනී සිටිය යුතු වටිනාකම් ගැන කතිකාවක්ද ඇති වූ හැටි මා බලා සිටියෙමි.වැදගත්කම යනු, ලෝකයේ ඇස් ඉදිරියේ කෙනෙකුගේ හැසිරීමෙන් මනින දෙයක් යැයි ඔබ සිතන්න නම්, ඔබට ඔබේ විනිශ්යන්ට එළඹීමට මා බාධා නොකරමි.නමුත්, වැදගත්කම් යනු, ලෝකයාගේ ඇස් ඉදිරියේ පමණක් නොව, කිසිවෙකු තමන් දෙස බලා නොසිටින අවස්ථාවේ පවා රහසින්වත් වැරදි නොකර සිටීම සහ තමන් පෙනී හිඳිමින් ක්‍රියා කරන්නේද යන වග නම්, සැබෑ වටිනාකම එය බව මගේ ඇදහීමයි. මා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී හිඳීමෙන් පසුව, මගේ කිරුළ අහිමි වූවත්, මා පෙනී සිටියේ සහ සිටගත්තේ ලෝක විවාහක රූ රැජිනියගේ කිරුලේ සැබෑ අරමුණ වෙනුවෙන් බව මගේ හැඟීමයි.වටිනාකම් යනු අපේ ජීවිතවල මුල්බැසගත් සාරධර්මයන් වේ.වටිනාකම්, මතුපිටින් මනින්නට නොහැකිය. කීයටවත් මුදලට ගන්නට නොහැකිය.මම ඒ වටිනාකම් වෙනුවෙන් සිටගනිමි. මුලු ලෝකයම ඉවත බලන විටදී පවා තනිවම වුවත්, මම ඒ වටිනාකම් වෙනුවෙන් නැගීසිටිමි.ඒ කෙතරම් දරුණූ ව්‍යසනයක් හමුවේ වුවත්, මම ඒ වටිනාකම් වෙනුවෙන් පෙනි සිටිමි.අපි සැවොම සැමවිටම, අපි ජීවත්වන ලෝකය මීට වඩා හොඳවන වෙනසක් ප්‍රාර්ථනා කරන්නෙමු.නමුත්, තමන් ඒ වෙනස වෙන්නට සිදුවූ විට හෝ ඒ වෙනුවෙන් ක්‍රියාත්මකවෙන්නට සිදු වූ විට, අපි එය මගහැර යන්නෙමු.ලෝකයම ඉවත බලන විටදී පවා,යමක් වෙනුවෙන් නැගී සිටින්නට, හඬ නගන්නට සිදු වේ නම්,කෙතරම් තනි වුවත්,අපි ඒ සඳහා අපි ධෛර්යය උපද්දවාගත යුතුමයි.බොහෝවිට අපි එය මගහැර යන්නේ, අපි මහත් වෙහෙස වී, අසීමිත කැපකිරීමෙන් දිනාගත් දේ, අහිමි කරගන්නට ඇති බය නිසාවෙනි.අරමුණක් වෙනුවෙන් තැනූ වේදිකාවක,තවත් කාන්තාවකට සමාන සහ සාධාරණ අවස්ථාවක් ලබාදීම සඳහා,මා අසීරුවෙන් උපයාගත් යමක් අහිමි කරගෙන වුවත් ක්‍රියාත්මක විය යුතු බව මගේ ඇදහීමයි.ඇත්තටම අපි ඒ වෙනුවෙන් එකපයින් නැගීසිටිය යුතුමයි.කිරුළකට අරමුණක් තිබිය යුතුය.මට අනුව ඒ, හැමෝටම සමාන සහ සාධාරණ අවස්ථාවන් තනා දීමය.දැන්…මා දිනාගත් කිරුළ නැවත භාරදීමට, මට කාලය එළැඹ ඇති බව මම දනිමි.කාන්තාවකට අවශ්‍යවන්නේ එකම එක සාධාරණ අවස්ථාවක් මිස, අන් කිසිවක් නොවේ…ස්තූතියි.

– Caroline Jurie

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

3 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

6 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

6 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

6 days ago