දේශීය

බලහත්කාරයෙන් විවාහ කරවීමට එරෙහි ව්‍යාපාරයක්!

ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී  ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව (LGBTIQ+) මුහුණ දෙන විශාල ගැටලුවක් වන බලහත්කාරයෙන් විවාහ කරවීම පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක්, Equite Sri Lanka සංවිධානය, Men Engage Alliance සංවිධානය සමග එක්ව ආරම්භ කර ඇත.

මෙරට ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමේදී ඔවුන් බලහත්කාරයෙන් විවාහ කර දීමේ ගැටලුව විසඳීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසිය යුතු බව මෙම වැඩසටහන හරහා Equite Sri Lanka සංවිධානය අවධාරණය කරයි. 

“අඩු වයසින් සහ බලහත්කාරයෙන් විවාපත් කරදීමේ ගැටලුව, මුස්ලිම් විවාහ නීතිය තුළත්, ඒ වගේම සමරිසි මෙන්ම විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව අතරත් බහුලව දක්නට ලැබෙනවා. අපි එම කාරණා දෙකටම විරුද්ධව, ඒ පිළිබඳව පොදු මහජනතාව සහ, පාලකයින් දැනුවත් කිරීමට අධිවාචන පියවර රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. අපේ අරමුණ, වාර්ගික, ආගමික පදනමකින් වගේම ලිංගිකත්වය, ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂ සමජභාවී ප්‍රකාශනය යන පදනමින් ද කිසිවෙකුට වෙනස්ව නොසළකන, සාධාරණ සමාජයක් බිහිකිරීමයි“, යනුවෙන් Equite Sri Lanka සංවිධානයේ සම-නිර්මාතෘ ආදිල් සුරාජ් මහතා ප්‍රකාශ කරයි. 

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතික සහ චාරිත්‍රවාරිත්‍ර පිළිවෙත් හේතුවෙන් ද, LGBTIQ+ ප්‍රජාව දැඩි පීඩාවකට ලක්ව සිටින බවයි.  ශ්‍රී ලංකාවේ පවතින සමාජ වාතාවරණය තුළ විවාහයට දී ඇති ස්ථානයත්, ඒ හා සම්බන්ධ වී ඇති විවිධ ක්‍රියාකාරකම් නිසා කිසියම් පුද්ගලයෙකු සමරිසි වුවද සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකු වුවද සමාජ සම්මතය ආරක්ෂා කිරීම වෙනුවෙන් බලහත්කාර විවාහයකට යොමු කරවීමට දෙමව්පියන් උත්සාහ දරන්නේ එයින් ඇති විය හැකි පුද්ගල හා සමාජ ප්‍රතිවිපාක ගැන ඇති නොදැනුවත්භාවය නිසාය. විශේෂයෙන්ම සමරිසි පුද්ගලයින්ව ඔවුන් කායික, මානසික හා ආධ්‍යාත්මිකව අකමැති පුද්ගලයෙකුට විවාහ කරදීම නිසා, ඔවුන්ගේ පවුල් ජීවිත අසාර්ථක වන බව ද, දික්කසාද වීමේ සිද්ධීන් වැඩි වන බව ද විවිධ සිද්ධි අධ්‍යයන හරහා තහවුරු වී තිබේ. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 A, 399  යන වගන්ති හරහා සමරිසිභාවය හා සංක්‍රාන්ති ලිංගිකත්වය යනු සාපරාධී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා තිබීම ද මෙහිදී සැළකිල්ලට ගත යුතු කරුණකි. 

“ශ්‍රී ලංකාව තුළ ‘එක රටක්, එක නීතියක්‘ ස්ථාපිත කළ යුතු බව, අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයාත් නිතරම ප්‍රකාශ කරනවා. එතැනදී මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරලා, බාලවයස්කාර දරුවන් විවාහ කරදීම වැළැක්වීමට පියවර ගන්නා අතරේදී, LGBTIQ+ ප්‍රජාව ද බලහත්කාරයෙන් විවාහ කරදීම වැළැක්වීමටත් නීතිමය පියවර ගත යුතුයි“, ඔහු විස්තර කළේය. 

මෙම ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ හා, සමාජ ක්‍රියාකාරීන්ගේ අවධානය යොමුකිරීමටත්, සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් පොදු මහජනතාව දැනුවත් කිරීමටත් Equite Sri Lanka සංවිධානය සහ Men engage alliance සංවිධානය එක්ව සැලසුම් කර තිබේ. තව ද මෙම වැඩසටහනේම තවත් අදියරක් ලෙස දික්කසාද නඩු මෙහෙයවන නීතිඥයින්, උපදේශන සේවාවන්, රජයේ වගකිවයුතු පාර්ශවකරුවන්, පාර්ලිමේන්තු කමිටු සාමාජිකයන්, තරුණ කණ්ඩායම් සඳහා, පවුල තුල, යහළුවන්, නෑදෑයන් බලෙන් විවාහ කිරීමෙන් ඇතිවන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ගැටලු, මානසික ගැටලු පිළිබඳව දැනුවත් කිරීමට හා සංවේදිකරණය කිරීමට ද අපේක්ෂිතය.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

14 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

14 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago