දේශීය

බලහත්කාරයෙන් විවාහ කරවීමට එරෙහි ව්‍යාපාරයක්!

ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී  ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව (LGBTIQ+) මුහුණ දෙන විශාල ගැටලුවක් වන බලහත්කාරයෙන් විවාහ කරවීම පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක්, Equite Sri Lanka සංවිධානය, Men Engage Alliance සංවිධානය සමග එක්ව ආරම්භ කර ඇත.

මෙරට ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමේදී ඔවුන් බලහත්කාරයෙන් විවාහ කර දීමේ ගැටලුව විසඳීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසිය යුතු බව මෙම වැඩසටහන හරහා Equite Sri Lanka සංවිධානය අවධාරණය කරයි. 

“අඩු වයසින් සහ බලහත්කාරයෙන් විවාපත් කරදීමේ ගැටලුව, මුස්ලිම් විවාහ නීතිය තුළත්, ඒ වගේම සමරිසි මෙන්ම විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව අතරත් බහුලව දක්නට ලැබෙනවා. අපි එම කාරණා දෙකටම විරුද්ධව, ඒ පිළිබඳව පොදු මහජනතාව සහ, පාලකයින් දැනුවත් කිරීමට අධිවාචන පියවර රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. අපේ අරමුණ, වාර්ගික, ආගමික පදනමකින් වගේම ලිංගිකත්වය, ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂ සමජභාවී ප්‍රකාශනය යන පදනමින් ද කිසිවෙකුට වෙනස්ව නොසළකන, සාධාරණ සමාජයක් බිහිකිරීමයි“, යනුවෙන් Equite Sri Lanka සංවිධානයේ සම-නිර්මාතෘ ආදිල් සුරාජ් මහතා ප්‍රකාශ කරයි. 

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතික සහ චාරිත්‍රවාරිත්‍ර පිළිවෙත් හේතුවෙන් ද, LGBTIQ+ ප්‍රජාව දැඩි පීඩාවකට ලක්ව සිටින බවයි.  ශ්‍රී ලංකාවේ පවතින සමාජ වාතාවරණය තුළ විවාහයට දී ඇති ස්ථානයත්, ඒ හා සම්බන්ධ වී ඇති විවිධ ක්‍රියාකාරකම් නිසා කිසියම් පුද්ගලයෙකු සමරිසි වුවද සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකු වුවද සමාජ සම්මතය ආරක්ෂා කිරීම වෙනුවෙන් බලහත්කාර විවාහයකට යොමු කරවීමට දෙමව්පියන් උත්සාහ දරන්නේ එයින් ඇති විය හැකි පුද්ගල හා සමාජ ප්‍රතිවිපාක ගැන ඇති නොදැනුවත්භාවය නිසාය. විශේෂයෙන්ම සමරිසි පුද්ගලයින්ව ඔවුන් කායික, මානසික හා ආධ්‍යාත්මිකව අකමැති පුද්ගලයෙකුට විවාහ කරදීම නිසා, ඔවුන්ගේ පවුල් ජීවිත අසාර්ථක වන බව ද, දික්කසාද වීමේ සිද්ධීන් වැඩි වන බව ද විවිධ සිද්ධි අධ්‍යයන හරහා තහවුරු වී තිබේ. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 A, 399  යන වගන්ති හරහා සමරිසිභාවය හා සංක්‍රාන්ති ලිංගිකත්වය යනු සාපරාධී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා තිබීම ද මෙහිදී සැළකිල්ලට ගත යුතු කරුණකි. 

“ශ්‍රී ලංකාව තුළ ‘එක රටක්, එක නීතියක්‘ ස්ථාපිත කළ යුතු බව, අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයාත් නිතරම ප්‍රකාශ කරනවා. එතැනදී මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරලා, බාලවයස්කාර දරුවන් විවාහ කරදීම වැළැක්වීමට පියවර ගන්නා අතරේදී, LGBTIQ+ ප්‍රජාව ද බලහත්කාරයෙන් විවාහ කරදීම වැළැක්වීමටත් නීතිමය පියවර ගත යුතුයි“, ඔහු විස්තර කළේය. 

මෙම ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ හා, සමාජ ක්‍රියාකාරීන්ගේ අවධානය යොමුකිරීමටත්, සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් පොදු මහජනතාව දැනුවත් කිරීමටත් Equite Sri Lanka සංවිධානය සහ Men engage alliance සංවිධානය එක්ව සැලසුම් කර තිබේ. තව ද මෙම වැඩසටහනේම තවත් අදියරක් ලෙස දික්කසාද නඩු මෙහෙයවන නීතිඥයින්, උපදේශන සේවාවන්, රජයේ වගකිවයුතු පාර්ශවකරුවන්, පාර්ලිමේන්තු කමිටු සාමාජිකයන්, තරුණ කණ්ඩායම් සඳහා, පවුල තුල, යහළුවන්, නෑදෑයන් බලෙන් විවාහ කිරීමෙන් ඇතිවන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ගැටලු, මානසික ගැටලු පිළිබඳව දැනුවත් කිරීමට හා සංවේදිකරණය කිරීමට ද අපේක්ෂිතය.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 days ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago