දේශීය

මානව හිමිකම් යෝජනාවෙන් පසුව ලංකාව කළ යුතු දේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ඊයේ (23) සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාවෙන් වගවීම, යුක්තිය ඉටු කිරීම, සංහිඳියාව දියුණු කිරීම යනාදී කරුණු ගැන ශ්‍රී ලංකාව පුළුල් ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කෙරිණි.
ගෙවුණු වසර 09ක කාලයේදී ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කර තිබූ අතර මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් වන සාක්ෂි ගබඩා කිරීම සහ විශ්ලේෂණය කිරීමේ ඇති වැදගත්කමත් කොරෝනා වසංගතය තුළ ආගමික නිදහසට එල්ල වී ඇති බාධා පිළිබඳවද එම යෝජනාවලියෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
පළාත් සභා ඡන්දය, පළාත් සභා ක්‍රමයට අදාළවද එහිදී විශේශ කරුණු දැක්වීමක්ද සිදුව ඇති අතර යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි ඉන්දියාවද පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යා යුතු බවට ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
බ්‍රිතාන්‍ය විසින් නායකත්වය දැරූ යෝජනාවලිය ගෙන ආ මධ්‍ය කණ්ඩායමට ජර්මනිය, කැනඩාව, මොන්ට්‍රිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් ඇතුළත් විය.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

14 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

14 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago