එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ඊයේ (23) සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාවෙන් වගවීම, යුක්තිය ඉටු කිරීම, සංහිඳියාව දියුණු කිරීම යනාදී කරුණු ගැන ශ්‍රී ලංකාව පුළුල් ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කෙරිණි.
ගෙවුණු වසර 09ක කාලයේදී ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කර තිබූ අතර මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් වන සාක්ෂි ගබඩා කිරීම සහ විශ්ලේෂණය කිරීමේ ඇති වැදගත්කමත් කොරෝනා වසංගතය තුළ ආගමික නිදහසට එල්ල වී ඇති බාධා පිළිබඳවද එම යෝජනාවලියෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
පළාත් සභා ඡන්දය, පළාත් සභා ක්‍රමයට අදාළවද එහිදී විශේශ කරුණු දැක්වීමක්ද සිදුව ඇති අතර යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි ඉන්දියාවද පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යා යුතු බවට ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
බ්‍රිතාන්‍ය විසින් නායකත්වය දැරූ යෝජනාවලිය ගෙන ආ මධ්‍ය කණ්ඩායමට ජර්මනිය, කැනඩාව, මොන්ට්‍රිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් ඇතුළත් විය.
මානව හිමිකම් යෝජනාවෙන් පසුව ලංකාව කළ යුතු දේ
නවතම වීඩියෝ
-
2027 අයවැයෙන් ඔබ ඉල්ලන්නේ මොනවද?? අදහස්, යෝජනා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට භාරදෙන්න !!
-
ලාල්ගේ ප්‍රකාශය නිවැරදියි රවී පාර්ලිමේන්තුවේ කිව්ව කථාව.
-
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්ට එරෙහිව ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්..!
-
විස්තරේ කියාගෙන ගිය මන්ත්‍රීතුමාට කෙළවරේ අර්චුනාගෙන් ප්‍රශ්නයක්.- මෙන්න මන්ත්‍රී දුන්න උත්තරේ.


