දේශීය ආහාර නිෂ්පාදනයෙන් ජීවිතය ජයගත් මවක් සහ දියණියන් දෙදෙනකු මාතලේ ලග්ගල ගලේයාය නව ගුරුවෙල ප්‍රදේශයේ ජීවත් වෙති
මුළු ලොවම ලෝක කාන්තා දිනය ඊයේ (08) සමරද්දී මෙම ආදර්ශවත් මව සහ දියණියන් දෙදෙනා මුළු රටටම කාන්තා පරපුරටම ආදර්ශයකි. නව ගුරුවෙල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ප්‍රදීපා ප්‍රනාන්දු මහත්මිය වයස අවුරුදු 50ක තිදරු මවකි. ඇය විවිධ දුෂ්කරතාවලට මුහුණ පා වසර කිහිපයකට ඉහත දී තමන් විසින්ම උපයා සපයා ගෙන කිසිවකුටත් අත නොපා ජීවත් වීමේ උදාර අදිෂ්ඨාන සිතට ගත් ඇය රැකියාවක් ලෙස තෝරා ගත්තේ තමන් සහ ගමේ අය සමඟ ගොවිතැන් කිරීමයි.
එහෙත් එම ගොවිතැන් විශේෂ වගාවන් රටාවකි. එනම් වස විසෙන් තොර වූ කුරක්කන්, මෑ කරල්, තල, මෙනේරි, අබ, මුං ඇට, කව්පි, මිරිස්, බඩඉරිඟු ආදී නිවෙසකට අවැසි ආහාර වේ.තමන් වගා කරන සහ තම ගම්මානයේ පිරිස් වගා කරනු දේශීය ආහාර මිලදී ගැනීමත් ප්‍රදීපා ප්‍රනාන්දු විසින් සිදු කරන්නට වූවාය. පසුව ඇය කාර්යබහුල කාන්තාවන් ඉලක්ක කරගෙන පිරිසුදු පැරණි ආහාර පහසුවෙන් තම නිවෙසේ සාදා ගැනීමට හැකිවන පරිදි පහසු කොට ඇසුරුම් කොට නිවෙසට ලබාදීමට ඉතා කුඩාවට මේ ක්‍රියාව ආරම්භ කළාය. එය විවිධ ප්‍රමාණයන්වල ඇසුරුම් සකසා නිවෙස්වලට වෙළෙඳසලට ගෙන ගොස් අලෙවි කිරීම ඇය රැකියාව වූ අතර පසුව දිනෙන් දින දියුණු කර ගත්තාය. මොරගහකන්ද කළු ගඟ ජලාශවලට තම දේපළ ඉඩකඩම් නිවාස සියල්ල අත්පත් කරගත් පසු ඔවුන් නව පදිංචිකරුවෝ ලෙසන් ලග්ගල නව ගුරුවෙල නගරයට පැමිණ තිබේ. එම පැමිණීම අතරෙත් ඇය තම රැකියාව අමතක නොකළාය.
එම ලැබුණු ඉඩම්වලද ඇය කුරක්කන් ඇතුළු විවිධ ආහාර වගාවන් ආරම්භ කළේ තම වැඩිමහල් දියණියන් දෙදෙනා ද සමඟය.සශිකා මදුශන්කිනි, නිසංසලා දේශානි දියණියන් දෙදෙනාට ද මෙම ආදර්ශමත් මව තවත් ආදර්ශයක් දෙමින් මෙම රැකියාව පසුපසම ඔවුන් දෙදෙනාද කැටුව යන්නට අමතක නොකළාය. මධ්‍යම පළාත් සභාවට අයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හොඳම ව්‍යවසායිකාවන් හැටියට ඇය සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ. මෙම සියුමැලි දෑත්වලින් කුරහන් කැපීම, වියළීම, කෙටීම බඩඉරිඟු, කුරහන් තල, උඳු, මෑ, කව්පි ආදී බොහෝ ධාන්‍ය වර්ග අපේ රටේ මිනිස්සුන්ට වස විස නැති ආහාර බවට පත් කිරීමට මෙම තිදෙනාගේ කැපකිරීම අගය කළ යුතුව තිබේ.
‘1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතට අනුව වලංගු මෙහෙයුම් බල පත්‍රයක් නොමැතිව ජා කොටු ඉදිකිරීම සපුරා තහනම් බවයි. අදාළ නඩු භාණ්ඩ ඉකුත්දා (05)මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම වැටලීම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ උපදෙස් පරිදි මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතාගේ මෙහෙය වීමෙන් වන්කාලේ නාවික හමුදාවේ සහාය ඇතුව මන්නාරම දිස්ත්‍රික් ධීවර කාර්‍යාලයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…