හොරු නිදහස් කරලා, ඒවට විරුද්ධ අය හිරේ යවනවා
නිදහස් පක්ෂෙන් සිරිසේන මාව පන්නන්න හදනවා
ලංකාවෙ දේශපාලනේ ගැන මට ලොකු බයක් තියෙනවා
ගිවිසුමක් අත්සන් කළා කියලා සිංහල බෞද්ධභාවය අඩු වෙන්නේ නෑ
වත්මන් ආණ්ඩුව හොරුන්, මිනීමරුවන් නිදහස් කර, ඒවාට විරුද්ධව කටයුතු කළ මිනිසුන් අත්අඩංගුවට ගනිමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පවසයි.
‘ලයිෆ් ට්‍රැවලර්’ සමග සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිනිය එහිදී පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් නෙරපීමට සභාපති වන මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බවයි.
සාකච්ඡාව අතරතුරදී හිටපු ජනාධිපතිනිය මෙසේද පැවසුවාය.
“හොරු ටිකයි, මිනීමරුවො ටිකයි නිදහස් කරලා, ඒවට විරුද්ධව කටයුතු කරපු මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න බලනවා විතරක් නෙවෙයි, අත්අඩංගුවට අරගෙනත් තියෙනවා.
මම පක්ෂේ අතෑරියේ නෑ. මාව පක්ෂෙන් පන්නන්න උත්සාහ කරනවා ගොඩක් සිරිසේන. අද මේ දූෂ්‍ය වෙලා, ජරා වෙලා තියෙන ලංකාවේ දේශපාලනේ ගැන මට ලොකූ බයක් තියෙනවා. ගිවිසුමක් අත්සන් කළා කියලා, ලාංකීයභාවය, නැත්නම් ඔය සිංහල බෞද්ධභාවය පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නෑ. දේශපාලකයෙකුට තමා පිළිබඳව විශ්වාසයක්, ආත්මවිශ්වාසයක් තියෙන්න ඕනේ.”
සම්පූර්ණ සාකච්ඡාව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…