දේශීය

රනිල් – හරීන් හමුවක් – පොදු කරුණුවලදී එජාප – සජබ එක්ව කටයුතු කිරීමට එකගතාවක්

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතා අතර හමුවක් පසුගියදා සිදුව තිබේ.

පසුගිය දිනෙක එම හමුව සිදුව ඇති අතර එහිදී රටේ පොදු කාරණාවලදී එක්සත් ජාතික පක්‍ෂය සහ සමගි ජල බලවේගය එක්ව කටයුතු කිරීමට එකගතාවක් ඇති කර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

ඉදිරියේදී රට තුළ ඇතිවන ප‍්‍රධාන ගැටලූවලදී දෙපාර්ශ්වය සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකාච්ඡා වී ඇති අතර එම සාකචඡා තවදුරටත් ඉදිරියට කරගෙන යෑම සඳහා එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සමග කතාබහ කර ගන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතා හරින් ප‍්‍රනාන්දු මහතාට දන්වා තිබේ.

මෙම හමුව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිවසේදී සිදු වූ බවත් එම සාකා පිළිබඳව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කලින් දැනුවත් කළ බවත් තොරතුරු වාර්තාවනවා.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

17 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

17 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 day ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

1 day ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

1 day ago