දේශීය

සිංහරාජයේ සමූලඝාතනයේ පෙර නිමිති

සිංහරාජය යනු, අද ලෝක උරුම වන භූමියක් (WHS) සහ මිනිසා සහ ජෛව ගෝලය (MAB)රක්ෂිතය ලෙස නම් කර ” වෙන් කර ” ඇති වනාන්තර කොටස පමණක් නොව අතීතයේ හෙක්ටයාර ලක්ෂයකට පමණ ආසන්න වපරිසරයෙන් යුතු සුවිශාල වන පෙතකි. එනිසාම එය සිංහරාජ අඩවිය ලෙසින් සිංහලයෝ හැදින්වූවෝය. ” අඩවියක්”යනු මහා වන භූමියකි.

ශ්‍රී පාද අඩවිය ට සේම සිංහරාජ අඩවියට ද අධිගෘහිත වන්නේ සුමන සමන් දෙවියන් ය. එවකට සිංහරාජ මහ වන පෙතට අවතීර්ණ වන්නට පෙර සුමන සමන් දෙවියන් ට ගාථා කියමින් අපගේ අත් වල පඩුරු ගැට ගැසූ ගොඩැල්ලේ මුත්තා ආදී සාම්ප්‍රදායික ගැමියන් සමග ගතකල අතීතය මෙහිදී මා ආවර්ජනය ට එයි.

එදා ගැමියෝ සිංහරාජය දෙස බැලුවේ ගෞරව සම්ප්‍රයුක්ත වය. එහෙත් අද කිතුල් රා වෙනුවට අරක්කු සහ බීර බොමින් ද, දේව කන්නලව් සහ ගැමී කවි වෙනුවට මහප්ප්රාණ දේශපාලනයෙන් ඔලුව කුරුවල් කරගත් උන් ද, දොල අද්දර තිබූ පැල්පතේ සිහිල වෙනුවට කොන්ක්‍රීට් හෝටල් අටවා ගත් උන්ද සිංහරාජය දෙස බලන්නේ සල්ලි වලට විකිණිය හැකි සහ තම විනෝදයට පාවිච්චි කල හැකි හුදු භාණ්ඩයක් ලෙසය.

සිංහරාජයේ වටා ඇති පරිවාර ගත සෙසු වනාන්තර කුට්ටි (forest fragments ) සිංහරාජය ට සම්බන්ධ වන ලෙස වන මං තීරු ( jungle corridor s) ඇති කරන ලෙස කලක පටන් ඉල්ලා සිටියෙමු. ජාතික සංරක්ෂණ සමාලෝචන වාර්තාව හෙවත් NCR හී මේවා නිර්දේශ විය. එහෙත් එලෙසින් එකතු කල යුතු සහ වෙන් කරගත යුතු ” ඉඩම් අයත් කරගැනීමට “දේශපාලුවන් හෝ නිලධරයන් කටයුතු කලේ නැත ,හෝ කලේ මන්දගාමී ව එකිනෙකා අතර බෝලය පාස් කරමිනි.

උක්ත වනාන්තර ඉඩම් හෝ අතහැර දමන ලද යටත් විජිත තේ වතු අයිතිය ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණය කොමිසම යටතේ තිබූ LRC ඉඩම් වූවෝය . රාජ්‍ය අංශයේ අර ඉහත කී කල් මැරීම උවමනාවෙන්ම ඉඩම් කොල්ල කරුවන්ට මග විවර කිරීමක් විය.

ප්‍රාදේශීය සභා හරහා දූෂිත දේශපාලකයන් සහ නිලධාරීන් මගින් එම ඉඩම් හෝටල්, ඉකෝ ලොජ් සහ කාබනික වගා සදහා පුද්ගලයන් අයත් කරගන්නා ලදි. සිංහරාජයේ ඉතා සුවිශේෂී පාරිසරික පද්ධති සහිත වලාකුළු වනාන්තර (Cloud forests) තිබූ දෙනියායේ, රක්වාන සූරිය කන්දේ සහ කලවාන හදපානා ඇල්ලේ වන භූමි කොල්ල කන ලදි.

එයින් නොනැවතුන අපරාධකරුවෝ සිංහරාජයේ අලි දෙදෙනා ඝාතනය කිරීමට සහ පලවා හැරීමට උත්සාහ ගත්තෝය. එහි උත්කර්ෂය ගමේ යම් පිරිසක් ද එයට එකග කරගෙන පසුගිය යහපාලනය සමයේ මේ අලින් දෙදෙනා හොරොව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථාන යට ගෙන ගොස් දැමීමට එවකට ඇමතී යන් දෙදෙනෙකු ගමට පැමිණ පිලිසදරින් කටයුතු කලත් අප ගේ අරගලය නිසා ඔවුන් ගේ සැලසුම් අසාර්ථක විය.

එහෙත් අපරාධකරුවන් එක සිද්ධියකින් පසු බසින්නෝ නොවේ. ඔවුන් නැවත නැවත උපාය උපක්‍රම වෙනස් කරමින් යලිත් එම අපරාධයට අවතීර්ණ වෙති.

ලංකාවේ පරිසර සටන් ස්ථානීය හෝ එක සිද්ධියක් අරඹයා ජනප්‍රියවාදී ව නැගෙන සෝඩා බෝතල් න්‍යාය ඇති එවාය. ඒම සිද්ධියට බලපාන සමස්ත යාන්ත්‍රණය වෙනස් කිරීමට දීර්ඝකාලීන පරිසර ක්‍රියාමාර්ග තුලට බොහෝ පරිසරවේදීන් හෝ ජනතාව අවතීර්ණ නොවේ . කැලේ මැදින් කැපෙන පාරට එරෙහිව රැල්ල ගියත් මේ වනාන්තර සියල්ල සංරක්ෂණ කරනු! ලෙස තාක්ෂණික ප්‍රවේශයක ට ආණ්ඩු තල්ලු කරන බලවේගයකට ඓන්ද්රීය වීමට ලංකාවේ ජනයා අපොහොසත් විය.

සිරිසේන තම පරිසර උපදේශක මඩුල්ල සහ මාධ්‍ය ජාලය හරහා දෙවන තුරුම්පුව ඒ අතර ලස්සනට ගැසුවේ ” සිංහරාජය ට මම තව වනාන්තර අක්කර දහස් ගණනක් එක් කලා” යයි කෙප්පයක් අත හරිමිනි. ඔහු ඒ කීවේ මොරපිටිය සහ රූණ කන්ද ගැනය. සිරි ට ඒවා අලුතින් සිංහරාජයට එකතු කිරීමට අවශ්‍ය නැත. මන්ද ඒවා ඒ වන විටත් වන රක්ෂිත විය . භූගෝලීය ව සිංහරාජයට යාවී තිබුණී. ඒවා සිංහරාජ අඩවියේ ම කොටස් ය.

එවාට ත්රිල් එකෙන් සතුටු කදුලු වැගිර වූ ජහමනයාගේ බෑක් සයිඩ් එකට අපරාධකරුවන් විද්දේ වතුර බෝතල් කර්මාන්තයක ට ප්රේරණ කලාපය එලි කිරීමෙනුත්, සිංහරාජය වාණිජකරණයට ESCAMP ද මගිනි. ඊට පෙර සිටම මිනි හයිඩ්‍රෝ මාෆියාව සිංහරාජයේ පරිධිය සහ ජල මාර්ග කොල්ල කෑවෝය.

සිංහරාජයේ සහ සමනල අඩවියේ පුරාණයේ අලි ඇතුන් බහුල විය. සුද්දා පැමිණ අලි මරමින් ද , අලින් සිටි කදුකර වනාන්තර වතු වගාවන්ට අක්කර ලක්ෂ ගණනින් එලි කරමින් ඒ අහිංසක සතුන් වියලි කලාපයට පලවා හැරියෝය. ඒම පරිසරයට අනුගත විය නොහැකිව අලි ඇතුන් බොහෝමයක් මියැදුණි. පනාමුරේ ඇත් රජා වැනි මහා දල ඇත් රජුන් ව මොලමුරේ වැනි කලු සුද්දන් විසින් ඝාතනය කරවන ලදී.

තම භූමියට හෝ සතා සිව්පාවන් ට නොසලකන උද්දච්ච සහ සූරා කන ගෝත්‍රික ජාතියක් දැනුවත් කිරීමට අකුරු කිරීම එක අතකින් බොලද වැඩකි. එහෙත් වර්තමානයේ සිංහරාජයේ අලි මං කඩක් සහ සෙසු සතුන්ට හුවමාරු විය හැකි තීරුවක් විනාශ කරන ඡායාරූප කිහිපයක් දිග හරිමින් ලිපිය නිමා කරමි.

මේ ඉඩම් සමහරක් පෞද්ගලිකව අයිති ඉඩම් ය. නමුත් සිංහරාජය සහ පරිවාර වනාන්තර ජාල කරණය (contiguous forest network ) ගැන රජයට හරි තාක්ෂණික වැඩ පිළිවෙළක් සහ අවංක උවමනාවක් තිබුනේ නම් මුල් අයිතිකරුවන් ට මුදල් ගෙවා ලබා ගෙන රක්ෂිත වනාන්තර තීරූ ලෙස සංරක්ෂණය කිරීමට හැකිව තිබුණි.

_කීර්ති හේවාගොඩ.

2021 /02ඡායාරූප වලට ස්තුතිය කසුන් මල්ලීට

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

1 day ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

2 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

2 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago