කොළඹ වරාය නැගෙනනහිර ජැටිය විකුණීමක් හෝ බදුදීමක් සිදු නොකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (31) කාල්ටන් නිවසේදී පැවසීය.
වරායේ නැඟෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවේ සහ ජපානයේ සමාගම් දෙකකට ලබාදීමට යන බවට වෘත්තිය සමිති හා රට පුරා පවතින ආන්දෝලනය පිළිබඳ මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගඋඇතිවරයා කීය.
“ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි ඒක කාටවත් දෙන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. බදු දෙන්නෙත් නෑ.
ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නෙ වෘත්තිය සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්තිය සමිතිවලටත් කියන්නේ දෙනවද කියලා අපි කිසි විටක ඒ පිළිබඳ සාකච්ඡාවක්වත් කරලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳව ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. අපි කීයටවත් දෙන්නෙත් නැහැ.
මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩවර්ජන කරන්න දෙයක් නෑ. මට ඇවිල්ලා කිව්වා නම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩි දෙනා ඉන්නෙ විකුණන්න ඕන නෑ කියන පදනමේ.
ජනාධිපතිතුමත් ඒ මතයෙ හැර දේපළ විකුණන මතයෙ නැහැ. දේපළ විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයිනේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. ඉතිං එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙමෙයි අපට බලය දීලා තියෙන්නෙ. ඒක බොහොම පැහැදිලිව කියනවා.” යැයි අගමැතිවරයා සඳහන් කළේය.
දේපල විකිණීම අපේ ප්‍රතිපත්තිය නෙවෙයි – අගමැති අවධාරණය කරයි
නවතම වීඩියෝ
-
අධ්‍යාපනවේදී උපාධිධාරින් ගැන ආණ්ඩුව ගත් තීරණය.පොරොන්දුව කඩකලොත් කරනදේ අන්තරේ කැදවුම්කරු කියයි.
-
🔴බැසිල්ව ලංකාවට ගේන එක දුෂ්කර කාර්යක්ලු.අලි සබ්‍ර්රිගේ කථාවට ගුණේ අයියා කට අරී.
-
සංඝ සමුළුව ආණ්ඩුවට බලපෑමක් කරන්න පුුලුවන්ද?චන්දන සූරියආරච්චි කියපු කථාව.
-
තැපෑලේ පාඩුව අඩුවෙලා!!ඇමති නලින්ද ජයන්තිපුර නව තැපැල් ස්ථානය විවෘත කරමින් කිව්ව කථාව.


