චාරිකාවක් යන්න තීරණය කර ඇත්නම් ලංකාවේ සුන්දරම ස්ථානයක් වන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යන්න අමතක කරන්න එපා. බදුලු දුම්රිය මාර්ගයේ හමුවන සුන්දරම ස්ථානයක් ලෙස ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය හඳුන්වන්න පුළුවන්.
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය හා හපුතලේ දුම්රිය ස්ථානය අතර පිහිටා තිබෙනවා. එය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 240.28ක දුරින් පිහිටා ඇති අතර.මුහුදු මට්ටමේ සිට උස මීටර් 1665.85ක්.
බදුලු දුම්රිය මාර්ගයේ 68 වන දුම්රිය ස්ථානය වන මෙම දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ 5වැනියට උසින් පිහිටි දුම්රිය ස්ථානයයි.
ඉදල්ගස්හින්න දුම්රියපොළ ශ්‍රී ලංකාවේ දකුණු කොටස සහ නැගෙනහිර කොටස වෙන් වන කඳු මුදුනේ පිහිටි සුළං කපොල්ලක සාදා ඇත. මේ නිසාම එක් මොහොතක පැහැබරවද තවත් මොහොතක මිහිදුමෙන් මුළු ප්‍රදේශයම වෙළා ගන්නා දේශගුණයක් ඇති අපූර්වතම ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.
ඉදල්ගස්හින්න දුම්රියපොළ අපූර්වතම දර්ශනතලයක්ද වෙයි. වම්පසින් සුවිසල් මහවැලි නිම්නයයි. මෙහි අපූර්වත්වය වන්නේ පිහිටීම අනුව ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ලැබෙන වර්ෂා ජලය එක් පැත්තකින් මහවැලි ගංගා ද්‍රෝණියටත්
අනෙක් පසින් වලවේ ගංගා ද්‍රෝණියටත් මුසු වීමයි.
නිතරම මීදුමෙන් ගැවසුණු සිතලෙන් ගල්ගැසුණු ඉදල්ගස්හින්න බෙහෙවින් සිසිල්ය. එහෙත් දකුණින් දිස්වන වලවේ ගංගා නිම්නයට ඇත්තේ වියළි කලාපීය දේශගුණයකි. වම්පසින් දිස්වන මහවැලි ගංගා නිම්නයේ ඉහළ කොටස තෙත් කලාපීය දේශගුණයෙන් යුක්තය.
කොළඹ කොටුවෙන් රාත්‍රී 8ට පිටත්වන රාත්‍රී තැපැල් දුම්රියෙන් අලුයම 5 පමණ වන විට ඉදල්ගස්හින්නට ළඟා විය හැක. මේ ගමන සඳහා සුදුසු වන්නේ මේ රාත්‍රී තැපැල් දුම්රියෙන් යාමයි. එවිට ඔබට අලුයමේ මෙම දුම්රිය ස්ථානයේ ඇති චමත්කාරය වගේම මිහිරි සීතල විඳ දරා ගැනීමට හැකියාව ලැබනු ඇත.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…