සංචාරේ

සුන්දර දසුන් මවන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය

චාරිකාවක් යන්න තීරණය කර ඇත්නම් ලංකාවේ සුන්දරම ස්ථානයක් වන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යන්න අමතක කරන්න එපා. බදුලු දුම්රිය මාර්ගයේ හමුවන සුන්දරම ස්ථානයක් ලෙස ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය හඳුන්වන්න පුළුවන්.

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය හා හපුතලේ දුම්රිය ස්ථානය අතර පිහිටා තිබෙනවා. එය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 240.28ක දුරින් පිහිටා ඇති අතර.මුහුදු මට්ටමේ සිට උස මීටර් 1665.85ක්.

බදුලු දුම්රිය මාර්ගයේ 68 වන දුම්රිය ස්ථානය වන මෙම දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ 5වැනියට උසින් පිහිටි දුම්රිය ස්ථානයයි.

ඉදල්ගස්හින්න දුම්රියපොළ ශ්‍රී ලංකාවේ දකුණු කොටස සහ නැගෙනහිර කොටස වෙන් වන කඳු මුදුනේ පිහිටි සුළං කපොල්ලක සාදා ඇත. මේ නිසාම එක් මොහොතක පැහැබරවද තවත් මොහොතක මිහිදුමෙන් මුළු ප්‍රදේශයම වෙළා ගන්නා දේශගුණයක් ඇති අපූර්වතම ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.

ඉදල්ගස්හින්න දුම්රියපොළ අපූර්වතම දර්ශනතලයක්ද වෙයි. වම්පසින් සුවිසල් මහවැලි නිම්නයයි. මෙහි අපූර්වත්වය වන්නේ පිහිටීම අනුව ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ලැබෙන වර්ෂා ජලය එක් පැත්තකින් මහවැලි ගංගා ද්‍රෝණියටත්
අනෙක් පසින් වලවේ ගංගා ද්‍රෝණියටත් මුසු වීමයි.

නිතරම මීදුමෙන් ගැවසුණු සිතලෙන් ගල්ගැසුණු ඉදල්ගස්හින්න බෙහෙවින් සිසිල්ය. එහෙත් දකුණින් දිස්වන වලවේ ගංගා නිම්නයට ඇත්තේ වියළි කලාපීය දේශගුණයකි. වම්පසින් දිස්වන මහවැලි ගංගා නිම්නයේ ඉහළ කොටස තෙත් කලාපීය දේශගුණයෙන් යුක්තය.

කොළඹ කොටුවෙන් රාත්‍රී 8ට පිටත්වන රාත්‍රී තැපැල් දුම්රියෙන් අලුයම 5 පමණ වන විට ඉදල්ගස්හින්නට ළඟා විය හැක. මේ ගමන සඳහා සුදුසු වන්නේ මේ රාත්‍රී තැපැල් දුම්රියෙන් යාමයි. එවිට ඔබට අලුයමේ මෙම දුම්රිය ස්ථානයේ ඇති චමත්කාරය වගේම මිහිරි සීතල විඳ දරා ගැනීමට හැකියාව ලැබනු ඇත.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

9 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

9 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago