Categories: දේශීය

නවීන් විපක්ෂයට පොදු අපේක්ෂකයෙක් ඉල්ලයි

විපක්ෂය නියෝජනය කරමින් මීළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතික් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ඊයේ (28) අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, ලේකම් සහ උපනායක වැනි තනතුරු සඳහා යෝජනා කළ නම් වෙනුවට පත් කර ඇති බවත් එම පක්ෂයේ තනතුරුවලින් ඉවත් වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් නවීන් දිසානායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහත්වරු පැවසූහ.
හිටපු මන්ත්‍රීවරුන් මේ බව පැවසුවේ කොල්ලුපිටියේ පිහිටි ‘ගාමිණී දිසානායක පදනමේ’ කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එක්සත් ජාතික පක්ෂය මීළඟ ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපක් කිරීම වෙනුවෙන් විපක්ෂයේ සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන සමග එකතු විය යුතු බවද දිසානායක මහතා වැඩ්9ඉදුරටත් සඳහන් කළේය.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago