දේශීය

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා දැයෙන් සමුගනීයි.

ඔහු සුවිශේෂී මිනිසෙකි. සැබෑ ගැමි සුවඳ විහිදුවමින් අව්‍යාජත්වයත් නිරංකාරකමත් සිය ජීවිතයට ආභරණයක් කරගත් මේ ජ්‍යෙෂ්ඨ පුවත් පත් කලාවේදියා මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහො දෙනෙකුගේ ගුරුවරයෙක් වූනා.

මේ මහතාඋපත ලැබුවේ 1922 දෙසැම්බර් මස 3 වනද දිනයි

වැඩිමහල් සහෝදරයන් තිදෙනෙකු හා වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුතු පවුලේ බඩපිස්සා වෙමින් ගාල්ල උණවටුණ නම් වු සුන්දර ගමෙහි ඉපිද ජනමාධ්‍ය ක්ෂේත්‍රය දිග් විජය කළ මේ බහුස්‍රැත වියතා ලංකාවට කල සේවය අති විශිෂ්ඨයි.

එඩ්වින් ආරියදාස මහතා ලේක්හවුස් ප්‍රකාශන බොහොමයක කර්තෘ මණ්ඩල සාමජිකයෙකු විය. ඩේලිනිවුස්, සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ, ජනතා පුවත්පත්හි කර්තෘ මණ්ඩලයේ සේවයේ නිරතවු අතර නවයුගයේ ප්‍රධාන කර්තෘ විය. උසස් අධ්‍යාපනයට ජන සන්නිවේදන ක්ෂේත්‍රය එක්කිරීමෙහි ලා පුරෝගාමී වෙමින් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය ඉගැන්වීමට ප්‍රථම විෂය නිර්දේශය සම්පාදනය කළේය.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට මාධ්‍ය අධ්‍යාපනය හදුන්වාදීමටද ඔහුගේ මූළිකත්වයෙන් සිදුවිය. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා ආරම්භ කිරීමටද පුරෝගමීව කටයුතු කරනු ලැබීය.

ඔහු දැරූ තනතුරු අතර මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රථම අධ්‍යක්ෂක ධූරය, ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස මෙන්ම තොරතුරු හා මාධ්‍ය විකාශන ආයතනයේ උපදේශක තනතුර, ශ්‍රී ලංකා පොලිස් කොමිසම, ලේක්හවුස් ආයතනයේ උපදේශක, මහවැලි කේන්ද්‍රයේ උපදේශක, ශ්‍රී ලංකාව සඳහා ජනමාධ්‍ය සම්පාදනය සඳහා වූ කමිටුවේ සභාපති, යන ධූරයන්හි කටයුතු කර ඇත.

ඔහු කළ සේවාවන් හමුවේ බොහෝ සම්මානයන්ටද පාත්‍රව ඇත.

සාමය හා සහජීවනය සඳහා කැපවීම සඳහා ස්වර්ණ සිංහ සම්මානය – සෝක ගක්කායි සිංගප්පූරුව 2005
ඉදිරිපත් කර ඇති සේවවාන් සඳහා රොට්රැක් සම්මානය 2001
උණ්ඩා අභීනන්දන සම්මානය 2006
හොඳම මාධ්‍යවේදියා සඳහා වූ රන්සම්මානය – ශ්‍රී ලංකා ජනසන්නිවේදන ආයතනය
කැලණිය විශ්වවිද්‍යාලයේ සංජානනි මාධ්‍ය උපහාරය 2006
කලා ලංකා පදමේ සිනමාව වෙනුවෙන් කලා ලංකා සම්මානය 2001
රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සම්මානය – සිංහල සිනමාව සරසවි සම්මාන 2005
සිංහල සිනමාව සඳහා වූ ඕ.සී.අයි.සී. සිරිල් බී.පෙරේරා අනුස්මරණ සම්මානය 2001

අසනීප තත්ත්වයෙන් පසුවූ මේ මහතා මිය යන විට 98 වියේ පසු වුනා.නමුත් ඔහු මුලු මහත් සමාජයට කල සෙවය අදත් හෙටත් ඉන් ඔබ්බටත් තුන්කල්හිම පාඨක මනස තුල පවතිනු ඇත

copyright © Rusiru Dilaksha Somarathna

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 days ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago