ආණ්ඩුව වර්තමානයේ ඉන්දියාවට බය වී කටයුතු කරමින් සිටින බව “ආණ්ඩුවට අවුරුද්දයි – රට කොයිබටද” සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය.
ටිල්වින් සිල්වා මහතා එහිදී මෙසේද පැවසීය.
“මේ පාලනය යටතේ රටට සිදු වන දේ ගැන අප දැනන් හිටියේ අද ඊයේ නෙවෙයි. ජාතික ජන බලවේගය ගොඩනඟලා ජනතාවට විකල්ප මාවතක් ඉදිරිපත් කළේ ඒ නිසා. ජනාධිපතිවරණයේදී පසුගිය මහා මැතිවරණයේදී ජනතාවට විකල්ප මාවත පැහැදිලි කළා. රට ගොඩනැඟීමේ දැක්ම අනුව ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ සාදා ඉදිරිපත් කළා. නමුත් එදා තිබුණු තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂ මහත්තයලාට මාධ්‍ය හදපු ප්‍රතිරූපය අනුව 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නා. අප ඉදිරිපත් කළ නිවැරදි මතය සහ මාවත පැත්තක තබා විනාශකාරී මාවතක් තෝරා ගත්තා.
මේ සමාජ ක්‍රමය පවත්වාගෙන යන්න මොන නායකයා ආවත් මීට වඩා වෙනසක් කරන්න බෑ. අපට තිබෙන්නේ රට ඉතාමත් බරපතළ විනාශයක් කරා ඇදගෙන ගිය නව ලිබරල්වාදය වෙනස් කර, විකල්ප සමාජ ආර්ථික ක්‍රමයක් නිර්මාණය කර ගැනීමේ දේශපාලන බලවේග ගොඩනඟා ගැනීමයි. ඒ වෙනුවෙන් සංවාදයක් අපට තිබෙනවා. ඔවුන්ම හදපු තනි පුද්ගලයකුට රටක් විශාල පරිවර්තනයකට ලක් කරන්න පුළුවන් කියන මිථ්‍යාව ඡන්දය දුන් අය ඉදිරිපිට බිඳී විසිරී යනවා. අපේ රටට අවශ්‍ය තනි පුද්ගලයන්ගේ සංදර්ශන නොවෙයි. ඒවගෙන් රටක් හදන්න බෑ. රට වෙනස් කරන්න දැක්මක් සහිත බලවේගයක් ගොඩනඟන නායකත්වයක් අවශ්‍යයි.
මේ ආණ්ඩුව කාටවත් බය නෑ කීවට දැන් ඉන්දියාවට බය වෙලයි ඉන්නේ. ආසියානු කලාපයේ ඉන්දියානු සාගරයේ ආධිපත්‍ය සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර බල අරගලයක් තිබෙනවා. හම්බන්තොට වරාය චීනයට දුන්නාම, චීනය පෝට් සිටිය හදනකොට ඉන්දියාවෙන් ආව බලපෑමට යට වෙලා කප්පමක් හැටියට නැඟෙනහිර ජැටියේ පරිපාලනයත් කොටස්වලින් සියයට 49කුත් දෙන්න යනවා. දේශප්‍රේමීත්වය වෙනුවට විකුණන්න පටන්ගෙන තිබෙනවා. අධිරාජ්‍ය විරෝධය වෙනුවට දණගහන්න පටන්ගෙන තිබෙනවා. රටේ සම්පත් විකුණන්නෙ නැතිව යන්න බැරි අර්බුදයක ආණ්ඩුව හිර වෙලා ඉන්නේ. 2021 අවුරුද්දට පය තියනකොටත් රටේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 15,000 ඉක්මවලා. මේ ණය කන්දරාවට පොලිය, වාරික ගෙවන්න ඩොලර් බිලියන 5.8ක් මේ අවුරුද්දට ඕනෑ. මේකට උත්තර හැටියට ආණ්ඩුව තෝරන්නේ රටේ වටිනා සම්පත් විකුණන්නත් තව තවත් ණය ගන්නත් විතරයි.”
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…