Categories: දේශීය

ජනමූල කර්මාන්තවලට සාධාරණය ඉටු වන යුගයක් එනවා – කර්මාන්ත ඇමති විමල් වීරවංශ

“ප්‍රාථමික කර්මාන්ත හෙවත් ජනමූල කර්මාන්තවලට මෙතෙක් බොහෝ ආණ්ඩුවල අවධානය යොමු වුණේ නැහැ. මේකට නිවැරදි වචනය ජනමූල කර්මාන්ත යන්න බව මගේ විශ්වාසයයි. විවිධ ප්‍රදේශවල වෙසෙන, විවිධ ජන කොටස්වල ශ්‍රම දායකත්වයෙන් බොහෝ කැපවීමෙන් සිදු කරන මේ ජනමූල කර්මාන්ත වෙත නිසි අවධානය යොමු කරලා ඒවාට රාජ්‍ය අනුග්‍රහය දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු අපේ ආණ්ඩුව තීන්දු කළේ පෙර ආණ්ඩුවලින් සිදු වූ ඒ අඩුපාඩුව සම්පූර්ණ කිරීමටයි. ඒ අනුවයි එකී ජනමූල කර්මාන්ත නඟාසිටුවීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශ තුනක්ද පිහිටුවන්නේ.” යැයි කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා ඊයේ (21) පැවසීය.
වනාතවිල්ලුව, රාල්මඩුව ගම්මානය ආශ්‍රිතව වාණිජ වේවැල් වගාව ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
ඇමතිවරයා එහිදී මෙසේද පැවසීය.
“මෙම රාජ්‍ය අමාත්‍යාංශ පිහිටුවීම තුළ මෙතෙක් ජනමූල කර්මාන්තවලට ඉටු නොවුණු සාධාරණය දැන් ඉටු වෙමින් තිබෙනවා. අපට උවමනා මහා කර්මාන්ත ගොඩනැගෙන රටක් පමණක් නොවෙයි, ජනමූල කර්මාන්තද ප්‍රවර්ධනය වන රටක්. සම්ප්‍රදායික කලා හැකියාවන්ද යොදා ගනිමින් ගෘහාශ්‍රිතව තම කර්මාන්තය පවත්වාගෙන යන මේ ජනමූල කර්මාන්තකරුවා සවිබලගැන්වීමේ වගකීම ඉහත රාජ්‍ය අමාත්‍යාංශ තුනට පැවරී තිබෙනවා. එම වගකීම ඉතාමත් හොඳින් වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමන්, ඒ යටතේ ඇති ජාතික ශිල්ප සභාව වැනි ආයතනවල සභාපතිතුමන්ලා විසින් ඉටු කරමින් සිටින බව පවසන්නේ ඉතාමත් සතුටින්.”

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

2 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

2 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago