Friday, September 11, 2026
Homeදේශීයගුවන්තොටුපළ හෙට සිට විවෘතයි

ගුවන්තොටුපළ හෙට සිට විවෘතයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම හෙට (21) සිට ක්‍රියාත්මක වන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.
සංචාරකයන් හා සමාජය අතර කොවිඩ් 19 රෝගය බෝ නොවන තත්ත්වය යටතේ ගුවන්තොටුපළ විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව ඇමතිවරයා පැවසුවේ ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් අද (20) දිනයේ පැවැත්වෙන බව සංචාරක අමාත්‍යාංශය ඊයේ (19) නිවේදනය කළේය.

READ:   ලංකාවෙ උන් ඕල්කට් ගැන දන්නෙ එයා මෙහේ ආවට පස්සෙ කරපු ටික විතරයි...
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්