එම්සීසී ගිවිසුමේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට ඊයේ (19) දැනුම් දුන් බව ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.
එම්සීසී සංයුක්ත සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම් හා එම්සීඒ සංගමයේ ලිපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවද නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට වැඩිදුරටත් දැනුම් දුන් බව එම පුවත්පත වාර්තා කර ඇත.
“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම්සීසී ගිවිසුම සමාලෝචනය සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ද ගිවිසුමේ අන්තර්ගත බොහෝ කරුණු මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව ද නීතිපතිවරයා පෙන්වා දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
එම්සීසී කම්පැක් ගිවිසුම හා ඊට අනුශාංගික ගිවිසුම් ශ්‍රී ලංකාවේ නීතියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැළපෙන හා පටහැනි බව නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට ඊයේ (19) දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් පිටු 20කින් යුත් විස්තරාත්මක හේතු දැක්වීමක් සහිත උපදෙස් ලිපියක් නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ බවද රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් පැවසුවාය.
එම හේතූන් නිසා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ නෛතික බාධාවක් පවතින බවද නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා ඇත.
රජයේ ආයතන හා අදාළ අමාත්‍යාංශ දී තිබුණු සියලු නිරීක්ෂණයන් සහ අගමැතිවරයා පත්කළ කමිටු වාර්තාවේ අඩංගු කරුණුද එම්සීසී කම්පැක් ගිවිසුම සහ ඊට අනුශාංගික ගිවිසුම්වල සඳහන් සියලු ප්‍රතිපාදන හා කොන්දේසි හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ විදේශ අමාත්‍යාංශයේ සියලු නිරීක්ෂණයන් සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදීම සිදු කර ඇත.” යනුවෙන්ද එම පුවතේ සඳහන් වේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…