Categories: දේශීය

එම්සීසී වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති ජනපති ලේකම්ට දන්වයි

එම්සීසී ගිවිසුමේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට ඊයේ (19) දැනුම් දුන් බව ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.
එම්සීසී සංයුක්ත සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම් හා එම්සීඒ සංගමයේ ලිපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවද නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට වැඩිදුරටත් දැනුම් දුන් බව එම පුවත්පත වාර්තා කර ඇත.
“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම්සීසී ගිවිසුම සමාලෝචනය සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ද ගිවිසුමේ අන්තර්ගත බොහෝ කරුණු මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව ද නීතිපතිවරයා පෙන්වා දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
එම්සීසී කම්පැක් ගිවිසුම හා ඊට අනුශාංගික ගිවිසුම් ශ්‍රී ලංකාවේ නීතියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැළපෙන හා පටහැනි බව නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට ඊයේ (19) දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.
එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් පිටු 20කින් යුත් විස්තරාත්මක හේතු දැක්වීමක් සහිත උපදෙස් ලිපියක් නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ බවද රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් පැවසුවාය.
එම හේතූන් නිසා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ නෛතික බාධාවක් පවතින බවද නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා ඇත.
රජයේ ආයතන හා අදාළ අමාත්‍යාංශ දී තිබුණු සියලු නිරීක්ෂණයන් සහ අගමැතිවරයා පත්කළ කමිටු වාර්තාවේ අඩංගු කරුණුද එම්සීසී කම්පැක් ගිවිසුම සහ ඊට අනුශාංගික ගිවිසුම්වල සඳහන් සියලු ප්‍රතිපාදන හා කොන්දේසි හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ විදේශ අමාත්‍යාංශයේ සියලු නිරීක්ෂණයන් සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදීම සිදු කර ඇත.” යනුවෙන්ද එම පුවතේ සඳහන් වේ.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

23 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

23 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago