Saturday, April 25, 2026
Homeදේශීයනීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී සහ මඩකළපුව, කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේ මැයි මස 18 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 40 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව සහ හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පි 4443 වේග ප්‍රහාරක යාත්‍රාව, මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 මැයි මස 18 වන දින මුර සංචාරයේ යෙදී සිටියදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැක කෙරෙන ජාවාරම් කරුවන් දෙදෙනෙකු (02) ඇතුළුව වයස අවුරුදු 12ත් 50ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයන් 17ක්, එක් කාත්තාවක් (01) සහ පිරිමි දරුවෙකු (01) සමඟ එම බහුදින ධිවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයටගත් බහුදින ධිවර යාත්‍රාවේ අබලන් තත්වය සහ මුහුදේ රළු ස්වභාවය මත පි 4443 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් එම බහුදින ධිවර යාත්‍රාව ගොඩබිමට ඇදගෙන එමින් සිටියදී මුහුදු බත් වී ඇති අතර, නාවික හමුදා භාරයටගත් නීති විරෝධි ලෙස සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිස සහ ජාවාරම් කරුවෙන් දෙදෙනා නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනය මඟින් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් විශේෂ කාර්යංශය හා එක්ව මඩකළපුව, කලවංචිකුඩි ධර්මපුරම් සහ පුදුකුඩුඉරිප්පු වෙරළ ප්‍රදේශයේ 2022 මැයි මස 18 වන දින රාත්‍රියේ මෙම නීති විරෝධි මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ගොඩබිම සිදු කළ සෝදිසි මෙහෙයුමකදී, ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රාව වෙත ජාවාරම්කරුවන් විසින් රැගෙන යාමට සුදානම්ව කලවංචිකුඩි ධර්මපුරම් සහ පුදුකුඩුඉරිප්පු වෙරළ ප්‍රදේශයේ ඩිංගි යාත්‍රා දෙකක (02) රැඳී සිටි ජාවාරම් කරුවන් දෙදෙනෙකු ඇතුළුව වයස අවුරුදු 20ත් 44ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයන් 17ක් සහ කාත්තාවන් 04 දෙනෙකු සමඟ එම ඩිංගි යාත්‍රා දෙක (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙ‍රිණි.

READ:   උද්ඝෝෂණයට විපක්ෂයේ සම්බන්ධයක් තිබෙනවා - ප්‍රසන්න රණතුංග

නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පිරිස ත්‍රිකුණාමලය, මඩකළපුව, යාපනය, කිලිනොච්චි සහ වව්නියාව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදී. එමෙන්ම, කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කළ අතර, රණරිසි නෞකාව මඟින් නාවික හමුදා භාරයටගත් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, ඉතා රළු මුහුදු ස්වභාවයක් හමුවේ මෙවැනි අබලන් තත්වයේ බහුදින ධිවර යාත්‍රා මඟින් නීති විරෝධී සහ අවධානම් සහගත ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජාවාරම් කරුවන්ගේ කූට උපක්‍රම වලට හසුවී තම ජීවිත හා දේපල විනාශ කර ගැනීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්