පා.ම. ජේ.සී. අලවතුවල හෙළිදරව් කරයි
ලේක්හවුස් රථගාල අසල ඉඩම හා ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් විකිණීමට රජය සූදානම් වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පා.ම. ජේ.සී. අලවතුවල මහතා අද (15) උදෑසන කොළඹ විපක්ෂ නායක කර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසීය.
මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව කී මනත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
මේ රජයේ නායකත්වයේ සිට සියලු ඇමැතිවරුන් ජනතාව මුලා කරමින් යනවා. එකක් තමයි වරායේ නැගෙනහිර ජැටිය විකුණන්නේ නැහැ කියන එක. දැනටමත් ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න කැබිනට් අනුමැතිය ලබාගෙන. එහි සමාගමේ නමත් සඳහන් වෙනවා. එයට වරායේ සියලුම සේවක සංගම් විරෝධතාවය පළ කරනවා. රජය බලයට ගේන්න කටයුතු කළ ස්වාමීන් වහන්සේලා විරෝධතා පළ කරනවා. යහපාලන රජය රටේ සම්පත් විකුණනවා කියලා එදා චෝදනා කළා. ශ්‍රැංගිලා ඉඩම සින්නක්කර විකුණලා දැන් ලේක්හවුස් රථගාල අසල ඉඩම හා ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් ටිකත් විකුණනන්න කටයුතු කරගෙන යනවා.
අද මේ රජය රටේ දේපල විකුණමින් තමයි රට කරගෙන යන්නේ. එය ජනතාවට හොරෙන් සිදුකරන්නේ. ඒ වගේම දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස නැතිවෙමින් යනවා. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් ගැන ජනාධිපතිතුමා තර්ජනාත්මක ප්‍රකාශක් කළා. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ තර්ජනයක්.
අපි දුටුවා උසස්පෙළ සිසුන් විජේරාම මාවතේ උද්ඝෝෂණයක් කළා. එහි ස්වාමීන් වහන්සේ නමක් බලෙන් රැගෙන ගියා. මේ රජය සියලු අයිතිවාසිකම් මර්දනය කරනවා. රජය සෑම අංශයකින්ම අසමත් වෙලා.
පුරන් කුඹුරු අස්වද්දනවා කියලා ලොකුවට කිව්වා. එසේ වෙලා නම් අද හාල් මිල අඩුවෙන්න තිබුණා. ගැසට් ගැහුවා 5ක් පමණ. ඒත් මිල අඩු නැහැ. පොල් මිලටත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ගැසට් ගැහුවා. අඟල් ගාණට එයත් අසාර්ථකයි. අද එම ගැසට් මිලට පොල් ගන්න තැනක් නැහැ. හාල් පොල් පමණක් නොව සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිහින්. ඒ අතරේ සීනි බදු අඩු කළා. ඒ සහනය ජනතාවට ගියේ නැහැ. ගජමිතුරු සමාගම් තමයි ලාභ ලැබුවේ.
එක රටක් එක නීතියක් කොහේද ක්‍රියාත්මක වෙන්නේ? සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න සාර්ථක ක්‍රමවේද තියෙද්දි ඒවා පැත්තකට දාලා ලොක් ඩවුන් කරපු යුක්රේනයෙන් ගේනවා. සුදර්ශනී ඇමතිතුමිය කිව්වා දෙවැනි රැල්ල ආවේ යුක්රේනයෙන් කියලා ආණ්ඩුව තවත් යුක්රේන සංචාරකයන් ගෙන්වනවා. මේ සඳහා උදයංග වීරතුංග තමයි යොදා ගෙන තියෙන්නේ. ඒ නිසයි කියන්නේ මේ රජය ගජමිතුරුන්ට විතරයි සලකන්නේ කියලා.මේ රජය ජනතාව ගැන හිතන රජයක් නොවෙයි. තුනෙන් දෙකක බලයක් වගේම 20 සංශෝධනය බලය ඇතුළු විශාල බලයක් තියෙන ආණ්ඩුවක්. අපේ විදේශ රැකියා කරන මැදපෙරදිග අය යන්නේ කාල සීමාවකට. එම කාලය අවසන් වුනාම මේ රටට එන්න වෙනවා. අද ඔවුන්ට එන්න බැරුව අසරණ වෙලා එසේ එන්න නම් රජයේ ගජමිතුරුන්ට විශාල මුදලක් දෙන්න වෙනවා. මැතිවරණයට ඔවුන් ගෙන ආවේ රටවිරුවෝ කියලා. ඇත්තටම ඔවුන් රටවිරුවන් තමයි. ඒත් මේ රජය අද ඔවුන් අමතක කර ඇතැයිද අලවතුවල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…