Thursday, February 19, 2026
Homeදේශීයසජබේ උසාවියට බොරු ලියවිලි දීලා-හරීන්-මනූෂගේ සජබෙට එරෙහි පෙත්සමේ නීතීඥවරයා කියයි - ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක්?

සජබේ උසාවියට බොරු ලියවිලි දීලා-හරීන්-මනූෂගේ සජබෙට එරෙහි පෙත්සමේ නීතීඥවරයා කියයි – ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක්?

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාලව සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් ඉදිරිපත් කර තිබෙන ලේඛන, නඩුව වෙනුවෙන්ම සකස්කර ඉදිරිපත් කර තිබෙන ව්‍යාජ ලේඛන බවත්, එම ලේඛන පිළි නොගන්නා ලෙසත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාදිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු පක්ෂයෙන් නෙරපීමට අදාලව නඩුව ගොනුකරන ලද අවස්ථාවේදී සමගි ජන බලවේගය විසින් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතා ප්‍රකාශයට අදාල ලේඛන සහ, මෝසම මගින් ඉදිරිපත් කරන ලද ලේඛන අතර පරස්පරතාවයක් පවතින බවද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අදිකරණයට දැනුම් දුන්නේය.

ඇමතිවරුන් දෙදෙනා ඉවත් කිරීමට අදාල රැස්වීම් වාර්තාවක් සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් අදිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙම වාර්තාව නඩුව ඉලක්ක කරගෙන පසුව සකස් කර ඉදිරිපත් කර තිබෙන බවද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අදිකරණයට දැනුම් දුන්නේය.

මේ නිසා මෙම ලේඛන පිළි නොගන්නා ලෙසට වන නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය. එය සලකා බලා තීරණයක් ලබා දෙන බවද අධිකරණය දැනුම් දුන්නේය.

ව්‍යාජ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමක් මගින් අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තක් මතුවන බවද නීති විශාරදයෝ පෙන්වා දෙති.

READ:   UPDATE: මොස්කව් නුවරට විශේෂ නිවාඩුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්