Sunday, June 14, 2026
Homeදේශීයවෘත්තියේ අභිමානය ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට ලිපියක්

වෘත්තියේ අභිමානය ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට ලිපියක්

නීතිඥ වෘත්තියේ අභිමානයට හා ස්වාධීනත්වයට බලපෑම් ඇති වීමේ තත්ත්වයක් ඉදිරියේ ඇති විය හැකි බව අනතුරු අඟවමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීම මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට බලපෑ හැකි අසන්නතම සිදුවීම වනු ඇති බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ලිපිය යොමු කර තිබේ.
අදාළ තීරණය පිළිබඳව කිසිදු විමසීමක් සිය සංගමය වෙත යොමු කර නොමැති බවත් එසේම නීති සංශෝධනය කිරීමට ගෙන ඇති පියවර අගය කරන බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණ ඇමතිවරයා වෙත අදාළ් ලිපිය යොමු කර ඇත.

සම්පූර්ණ ලිපිය පහතින්,

READ:   ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩුකරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්