හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නියමු වූ සිර දඬුවම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ අද (13) දිනයේ සටහනක් තබා ඇත.
රන්ජන් රාමනායකට කිසිදු විටක අධෛර්යමත් නොවන ලෙස හිටපු ජනාධිපතිනි සඳහන් කරමින් පළ කළ සම්පූර්ණ ලිපිය පහතින් වේ.
මා හිතවත් රන්ජන්
ඔබට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් විස්මයටත්, කණගාටුවටත් පත්වීමි. ඔබට මේ තත්ත්වය ඇතිවූයේ මේ රටේ මුළුමනින් ම දූෂ්‍ය වී තිබෙන රාජ්‍ය තන්ත්‍රයට එරහිව නිර්භයව හඬනැගීම හේතුවෙනි.
ටෙන්ඩර් සහ මහා පරිමාණ වංචා කළ සොරුන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින් නිදහසේ ඉතා ඉහළින් වැජඹෙන විට, අතිශයින්ම දූෂිත දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමට අවංකවම උත්සාහ කිරීම නිසා, ඔබට අද සිරගත වන්නට සිදු ව තිබේ.
මා ජනාධිපතිව සිටි අවධියේදී මමද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය.
කිසිදු විටෙක අධෛර්ය නොවන්න. යුක්තිය අගයන සියලු ජනතාව ඔබ සමග සිටින බැවින් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්න.
කුමන අභියෝග සහ බාධා එල්ල වුවද, අපේ දේශයේ සුබසිද්ධිය වෙනුවෙන් අපි බොහෝ කැපවීමෙන් වැඩ කළ යුතු වෙමු.
අයුක්තියට, අසාධාරණයට, දූෂණයට එරෙහිව ඔබ විසින් ආරම්භ කළ සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියට මෙහෙය වීමට ඔබට ආශිර්වාද කරමින් විජය මාමාගේ ගීත කොටසක් සිහිපත් කරමි.
“වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදීව තපස් රකින්නේ
පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්”
මීට,
හිතවත්,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…