දේශීය

රන්ජන් රාමනායකට දඩුවම් කිරීම – Victor Ivan

අධිකරණයට අපහාස චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් පාරලිමේන්තු මන්ත්‍රී රන්ජන රාමනායකට ලබා දී තිබෙන සිව් අවුරුදු සිරදඩුවම නීතියට අනුකූල සාදාරන හෝ යුක්ති සහගත දඩුවමක් ලෙසසැලකිය නොහැකිය.ලන්කාවේ ශ්‍රේෂ්ඨාධිකරනය කල්පනා කරන සොබාවයේ තරම ඉන් පෙන්නුම් කරයි.අධිකරණයට අපාහාසයක් ඇතිකරන ආකාරයේ විවේච්නයන්ට පවා නූතනවාදි ලෙස සිතන අධිකරණයේන් දඩුවම් කරන්නේ නැත.වර්තමානයේ දඩුවම් කලයුතු අපහසයන් ලෙස සලකන්නේ අදිකරන නියෝගයකට හෝ තින්දුවක් ක්‍රියාවට නැගීම නීතියට පටහැනිව වලකන ක්‍රියා කාරකම් වලටය

මේවන විට ලෝකයේ බොහෝ රටවල් අධිකරණ අපහාස විෂය නියාමනය කරන අන පනත් ඇති කරගෙන ඇතත් එම විෂයේදී ලන්කාව ඉන්නේ අදුරු සහගත තත්වයකය.එය අපේ රටේ පාරලිමේන්තුවේ අකාරයක්ෂ්මතාව පෙන්නුම් කෙරෙන තවත් නිදරශනයක් ලෙසද සැලකිය හැකිය.අඩුම වශයෙන් එස් බී දිසානායකට හා ටෝනි එමෑනුවෙල් ප්‍රනාන්දුට දඩුවම ලබා දීමෙන් පසුව වත් මේ විෂයේදී අදිකරනය බුක්තිවිදින හිතුවක් කාරිබලය නියාමනය කිරීම සදහා පාර්ලිමේන්තුව සුදුසු නීති ඇතිකල යුතුව තිබුනි.ටෝනි අදිකරන සේවා කොමිසමේ සබාපති වශයෙන් අගවිනුසුරු සරත් සිලවා හා එම කොමිෂමේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වග උත්තර කරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරි පත් කල අවස්තාවේදී පෙත්සම්කරු පල කල විරෝදය නොසලකා අගවිසුරු ඇතුලත් විනිසුරු මඩුල්ලක් විසින් අදිකරනයට අපාහාස කිරීමේ චෝදනා යටතේ ටෝනිට එක් අවුරුදු සිර දඩුවමක් ලබා දෙන ලද අතර එය ජාත්‍යන්තර අවදානය දිනාගත් බිහිසුනු සිද්දියක් විය.

රන්ජන් රාමනායක අදිකරන සම්බන්දයෙන් කරන ලද ප්‍රකාශය නිවරදි නැතත් ඒ සදහා ලබාදී තිබෙන දඩුවම කිසිසේත්ම සාදාරන නැත.අධිකරණය ඔහු සම්බන්දයෙන් අනුගනය කරතිබෙන ප්‍රතිපත්තිය සිවිල් හා දේසපාලන අයිතිවාසිකම් ප්‍රක්ඤප්තියේ එන දර්ශනයට මුලු මනින් පටහැනිය.

Victor Ivan

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago