Monday, April 20, 2026
Homeදේශීයරන්ජන් රාමනායකට දඩුවම් කිරීම - Victor Ivan

රන්ජන් රාමනායකට දඩුවම් කිරීම – Victor Ivan

අධිකරණයට අපහාස චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් පාරලිමේන්තු මන්ත්‍රී රන්ජන රාමනායකට ලබා දී තිබෙන සිව් අවුරුදු සිරදඩුවම නීතියට අනුකූල සාදාරන හෝ යුක්ති සහගත දඩුවමක් ලෙසසැලකිය නොහැකිය.ලන්කාවේ ශ්‍රේෂ්ඨාධිකරනය කල්පනා කරන සොබාවයේ තරම ඉන් පෙන්නුම් කරයි.අධිකරණයට අපාහාසයක් ඇතිකරන ආකාරයේ විවේච්නයන්ට පවා නූතනවාදි ලෙස සිතන අධිකරණයේන් දඩුවම් කරන්නේ නැත.වර්තමානයේ දඩුවම් කලයුතු අපහසයන් ලෙස සලකන්නේ අදිකරන නියෝගයකට හෝ තින්දුවක් ක්‍රියාවට නැගීම නීතියට පටහැනිව වලකන ක්‍රියා කාරකම් වලටය

මේවන විට ලෝකයේ බොහෝ රටවල් අධිකරණ අපහාස විෂය නියාමනය කරන අන පනත් ඇති කරගෙන ඇතත් එම විෂයේදී ලන්කාව ඉන්නේ අදුරු සහගත තත්වයකය.එය අපේ රටේ පාරලිමේන්තුවේ අකාරයක්ෂ්මතාව පෙන්නුම් කෙරෙන තවත් නිදරශනයක් ලෙසද සැලකිය හැකිය.අඩුම වශයෙන් එස් බී දිසානායකට හා ටෝනි එමෑනුවෙල් ප්‍රනාන්දුට දඩුවම ලබා දීමෙන් පසුව වත් මේ විෂයේදී අදිකරනය බුක්තිවිදින හිතුවක් කාරිබලය නියාමනය කිරීම සදහා පාර්ලිමේන්තුව සුදුසු නීති ඇතිකල යුතුව තිබුනි.ටෝනි අදිකරන සේවා කොමිසමේ සබාපති වශයෙන් අගවිනුසුරු සරත් සිලවා හා එම කොමිෂමේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වග උත්තර කරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරි පත් කල අවස්තාවේදී පෙත්සම්කරු පල කල විරෝදය නොසලකා අගවිසුරු ඇතුලත් විනිසුරු මඩුල්ලක් විසින් අදිකරනයට අපාහාස කිරීමේ චෝදනා යටතේ ටෝනිට එක් අවුරුදු සිර දඩුවමක් ලබා දෙන ලද අතර එය ජාත්‍යන්තර අවදානය දිනාගත් බිහිසුනු සිද්දියක් විය.

රන්ජන් රාමනායක අදිකරන සම්බන්දයෙන් කරන ලද ප්‍රකාශය නිවරදි නැතත් ඒ සදහා ලබාදී තිබෙන දඩුවම කිසිසේත්ම සාදාරන නැත.අධිකරණය ඔහු සම්බන්දයෙන් අනුගනය කරතිබෙන ප්‍රතිපත්තිය සිවිල් හා දේසපාලන අයිතිවාසිකම් ප්‍රක්ඤප්තියේ එන දර්ශනයට මුලු මනින් පටහැනිය.

Victor Ivan

READ:   Bus සහ Train ටිකට් එක වෙනුවට QR කේතයක්..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්