දේශීය

ජනතාව නොමඟ යවන්න එපා සාධාරණව දේශපාලනය කරන්න ජනපති විපක්ෂයට කියයි

ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක් කරන බවද විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට තමා කිසිවිටෙකත් සූදානම් නොමැති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ තමාට නීතිය මිස දේශපාලන පළි ගැනීම් නැති බව පෙන්වා දෙන ඒ මහතා පසුගිය කාලයේ සිදු කර තිබෙන වැරදිවලට දඬුවම් දීම නීතියට පැවරී ඇති කාර්යභාරයක් වන නමුත් ඒ සඳහා මැදිහත් වී කලින් රජය කළාක් මෙන් දේශපාලන පළි ගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ද අවධාරණය කරයි. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට තමා සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට තමා සූදානම් නැතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට පෙරේදා(09) සහභාගී වෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. ජනාධිපතිවරයා සහභාගී වූ ‘ගම සමඟ පිළිසඳර’පස්වන වැඩසටහන මෙයයි.

2020 සැප්තැම්බර් මස 25 වැනි දින පළමු වැඩසටහන බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංවිට ගම්මානයෙන් ආරම්භ විය. වැඩසටහනේ දෙවැන්න මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිඹිලියාකඩ, තෙවැන්න බලංගොඩ ඉඹුල්පේ, රාවණාකන්ද සහ සිව්වැන්න කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානවලදී පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ මහා සංඝරත්නය ඇතුළු ජනතාව ජනාධිපතිවරයා වීමට පෙර සිටි ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව අපේක්ෂා කළ බවත් පිත්තල හන්දියේ දී එල්ටීටීඊ ත්‍රස්තවාදීහු තමා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවත්ය. එය සිදුකළ ත්‍රස්ත නායකයාට මුහුණපෑමට සිදු වූ ඉරණම ජනතාව දන්නා බවද හෙතෙම සිහිපත් කළේය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ගමේ ජනතා ගැටලු විසඳීම වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවත් ඒ වෙනුවෙන් නිලධාරීන් ගමට යායුතු බවත්ය. සෑම ගමක්ම තිරසර සංවර්ධනයක් කරා රැගෙන යාමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක, පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩී. වීරසිංහ, තිලක් රාජපක්ෂ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්ම මහත්මීහු සහ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් ලාතුගල ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට එක්ව සිටියහ.

උපුටා ගැනීම දිනමිණ

Recent Posts

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Prime Marina” ව්‍යාපෘතිය දියත් කෙරේ

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…

20 hours ago

​ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ​අද (12) පාර්ලිමේන්තු…

21 hours ago

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

2 weeks ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

2 weeks ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

2 weeks ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

2 weeks ago