ත්‍රිකුණාමලය සේරුවාවිල පිහිටි වර්ග කිලෝමීටර් 54ක පමණ වපසරියකින් යුත් බවට මේ වන විට හඳුනාගෙන ඇති රන් ආකරය සම්බන්ධයෙන් කඩිනමින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. අද (11) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන බවද ඇමැතිවරයා කියා සිටියේය. වසර 1971 දී භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය විසින් විදේශ රටවල සහාය ඇතිව සිදු කරන ලද සමීක්ෂණයකට අනුව එම වාර්තා පදනම් කරගනිමින් මීට මාස කිහිපයකට ඉහතදී භූ විද්‍යාඥයන් විසින් එහි ඇති ද්‍රව්‍ය ගෙනවිත් යක්කල පිරිටි පර්යේෂණාගාරයේදී සිදු කළ පරීක්ෂණයකින් එහි රන් පවතින බවට අනාවරණය වී ඇත.
එමෙන්ම ස්ථාන තුනක පිහිටා ඇති මේ නිධිවලින් රන්වලට අමතරව තඹ සහ යකඩ ද ඇති බවට තහවරු වී ඇත.
එකම ස්ථානයක රන් තඹ සහ යකඩ පිහිටා ඇති බව හඳුනාගත් එකම අවස්ථාව මෙය වන අතර 1971දී සිදු කළ පරීක්ෂණවලට අනුව මේ ද්‍රව්‍යයන් ඇති බවට අනුමාන කර තිබේ.
නව තාක්ෂණය යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයන් සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව කියා සිටි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු අංශ ගණනාවක් ඒකාබද්ධව මේ කැනීම් සිදු කරනු ලබන බවත් එහි ලැබෙන ප්‍රතිඵල මෙරට ජනතාවට ලබා දීම කඩිනමින් සිදු කරන බවත් කියා සිටියේය.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…