දේශීය

රත්රන් නිධියේ කැණීම්වලට කැබිනට් අනුුමැතිය පතයි

ත්‍රිකුණාමලය  සේරුවාවිල පිහිටි වර්ග කිලෝමීටර් 54ක පමණ වපසරියකින් යුත් බවට මේ වන විට හඳුනාගෙන ඇති රන් ආකරය සම්බන්ධයෙන් කඩිනමින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. අද (11) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන බවද ඇමැතිවරයා කියා සිටියේය. වසර 1971 දී භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය විසින් විදේශ රටවල සහාය ඇතිව සිදු කරන ලද සමීක්ෂණයකට අනුව එම වාර්තා පදනම් කරගනිමින් මීට මාස කිහිපයකට ඉහතදී භූ විද්‍යාඥයන් විසින් එහි ඇති ද්‍රව්‍ය ගෙනවිත් යක්කල පිරිටි පර්යේෂණාගාරයේදී සිදු කළ පරීක්ෂණයකින් එහි රන් පවතින බවට අනාවරණය වී ඇත.

එමෙන්ම ස්ථාන තුනක පිහිටා ඇති මේ නිධිවලින් රන්වලට අමතරව තඹ සහ යකඩ ද ඇති බවට තහවරු වී ඇත.

එකම ස්ථානයක රන් තඹ සහ යකඩ පිහිටා ඇති බව හඳුනාගත් එකම අවස්ථාව මෙය වන අතර 1971දී සිදු කළ පරීක්ෂණවලට අනුව මේ ද්‍රව්‍යයන් ඇති බවට අනුමාන කර තිබේ.

නව තාක්ෂණය යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයන් සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව කියා සිටි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු අංශ ගණනාවක් ඒකාබද්ධව මේ කැනීම් සිදු කරනු ලබන බවත් එහි ලැබෙන ප්‍රතිඵල මෙරට ජනතාවට ලබා දීම කඩිනමින් සිදු කරන බවත් කියා සිටියේය.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago