දේශීය

වයිරසය පැතිරීම අඩු වන තුරු ශ්‍රී පාද වන්දනාවේ යන්න එපා

ශ්‍රී පාද වන්දනා සමය පසුගිය 29 වැනිදා ආරම්භ වුවත් ජනවාරි මාසය අවසන් වන තෙක් වන්දනාවට නොපැමිණීමට ජනතාව වග බලා ගන්නේ නම් කොවිඩ් – 19 ව්‍යාප්තව ඇති මේ අවස්ථාවේ ගන්නා හොඳ තීරණයක් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍යට පවසා තිබෙනවා.

දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග පවතින පිරිස ශ්‍රී පාද වන්දනාවට සහභාගි නොවීම සුදුසු බවත් වන්දනාවට පැමිණෙන පිරිස කොවිඩ් වළක්වා ගැනීමේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවත් ඒ මහතා සදහන් කලා.

මුල් මාස කිහිපය ගත වන තෙක් බලා වයිරස ව්‍යාප්තිය අඩු වන තෙක් සිට මේ වන්දනාවට බැතිමතුන් සහභාගි වීම වඩාත් සුදුසු යැයිද ඒ් මහතා වැඩි දුරටත් පවසා සිටියා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

11 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

11 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago