Wednesday, September 9, 2026
Homeදේශීය'අවන්හලක ඉපදී මා මිය යනවා නම්' ෂෙල්ටන් මුතුනමගේ සමුගනී

‘අවන්හලක ඉපදී මා මිය යනවා නම්’ ෂෙල්ටන් මුතුනමගේ සමුගනී

ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා මීගමුව රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 73කි.

90 දශකය තුළ ශ්‍රී ලාංකේය ගී කලා කෙත අස්වැද්දූ ජනප්‍රිය ගායන ශිල්පියෙක් ලෙස ෂෙල්ටන් මුතුනමගේ හැදින්විය හැකිය.

ඔහු විසින් “දීග නොයන් රත්තරනේ….”, “මේ දෙව් මැදුරෙම….”, “මහා සයුරේ ගැඹුරු දියේ…..”, “අවන් හළක ඉපදී මා….”, “තරු කතා කර අසයි….”, “ලොවම හඬා කියාවී….”, වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇත.

මීගමුවේ ප්‍රකට සංගීත කණ්ඩායමක් වූ ෂර්ලි මෙන්ඩිස්ගේ ලොස් මුචාචෝස් සමඟ ‘මුළු ගතම වෙහෙසුනා’ ගීතයේ ගායනයට එක්වෙමින් සංගීත ලොවට පිවිසි ෂෙල්ටන් සංගීත ප්‍රසංග සංවිධායකයකු හා සම්බන්ධීකාරකයකු ලෙසද වසර ගණනාවක් කටයුතු කළේ ය. හේමසිරි සෙල්ලප්පෙරුමගේ ‘සඳරේඛා’ චිත්‍රපටයෙන් පසුබිම් ගායකයකු බවට පත්වූ ඔහු පුවත්පත් පින්තූර කතාවලද ටෙලිනාට්‍යයකද රඟපා ඇත.

READ:   BREAKING NEWS - හම්බන්තොට භූ කම්පනයක්: සුනාමි අවදානමක් නැහැ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්