කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටි අබලි භාණ්ඩ ගබඩාවේ ඊයේ (15) සවස ඇති වූ හදිසි ගින්න මැඬපැවැත්වීමට ආරක්ෂක අංශවලට හැකි විය.
මෙම ගින්න හේතුවෙන් අධිකරණ සංකීර්ණයේ කාර්යාලයකට හෝ ලිපිගොනුවකට කිසිදු හානියක් සිදු වී නැති බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්න මහතා පැවැසීය. මෙම අබලි භාණ්ඩ ගබඩාව ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ලට පිටතින් පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටා ඇති බැවින් අබලි භාණ්ඩ ගබඩාවට පමණක් ගින්නෙන් හානි සිදුව ඇති බව ලේකම්වරයා පැවැසීය.
ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගින්න සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමට භාරදී ඇත.
මේ අතර, කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගබඩාවක් තුල හදිසියේ ගින්නක් ඇතිවීමේ සිදුවීම විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් 03ක් යෙදවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ (15දා) ‘දිනමිණ’ ට පැවැසීය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝග මත ජේෂ්ඨ පොලිස් නිලධාරින් කිහිපදෙනකු මෙම විමර්ශනයට එක්ව සිටින බව එම කාර්යාලය වැඩිදුරටත් කීය. මේ අතර අදාළ සිදුවීම ක්ෂේත්‍ර කිහිපයකට අයත් විශේෂඥයින් කණ්ඩායම් කිහිපයක් පැතිකඩ කිහිපයක් ඔස්සේ පුළුල්ව විමර්ශනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය. ඒ අනුව රජයේ රස පරීක්ෂකවරයාගේ මතය, විදුලි ඉංජිනේරුවරුන්ගේ මතය සහ අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන්ගේ විද්‍යාත්මක මතය විමසීමට නියමිත බව හෙතෙම කීය. මෙම සියලු විමර්ශන සහ සොයාබැලීම් ඔස්සේ මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි කඩිනමින් සොයාගැනීමට පියවර ගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කීවේය.
dinamina
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…