දේශීය

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල යළි ඇරඹීමට යයි – කර්මාන්ත ඇමැති

යුද සමයේ හානියට පත් වීම හේතුවෙන් වැසී ගිය කන්කසන්තුරේ සිමෙන්ති කම්හල රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් යළි ආරම්භ කිරීමට සැලසුම් කෙරේ.

යුද්ධයෙන් විනාශයට පත්වීම හේතුවෙන් එම දේපළ යළි භාවිතයට ගැනීමට නොහැකි ලෙස පරිහානියට පත් ව තිබෙන අතර මේ වනවිට එම ඉඩමේ ජනතාව පදිංචි වී සිටින අතර හමුදා කඳවුරුද ස්ථාපිත කර තිබේ.

මේ නිසා කර්මාන්ත ශාලාව නැවත ඇරඹීමට කොතරම් භූමී ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා ද යන්න පිළිබඳව මේ වනවිට සොයා බලමින් සිටින බව ද කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා කොළඹදී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඇඹිලිපිටිය කඩදාසි කම්හලහි යාන්ත්‍රණය බැංකුවෙන් සින්න වූ පසු අයිතිකරගත් පුද්ගලයා සමඟ සාකච්චා කළ බවත් ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයකින් එම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඊට අදාළ ගිවිසුම් සකස් වෙමින් පවතින බවත් විමල් වීරවංශ මහතා පැවසුවේ ය.

අමෝදා ජයමහ – දිනමිණ 

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago