යුද සමයේ හානියට පත් වීම හේතුවෙන් වැසී ගිය කන්කසන්තුරේ සිමෙන්ති කම්හල රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් යළි ආරම්භ කිරීමට සැලසුම් කෙරේ.
යුද්ධයෙන් විනාශයට පත්වීම හේතුවෙන් එම දේපළ යළි භාවිතයට ගැනීමට නොහැකි ලෙස පරිහානියට පත් ව තිබෙන අතර මේ වනවිට එම ඉඩමේ ජනතාව පදිංචි වී සිටින අතර හමුදා කඳවුරුද ස්ථාපිත කර තිබේ.
මේ නිසා කර්මාන්ත ශාලාව නැවත ඇරඹීමට කොතරම් භූමී ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා ද යන්න පිළිබඳව මේ වනවිට සොයා බලමින් සිටින බව ද කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා කොළඹදී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
ඇඹිලිපිටිය කඩදාසි කම්හලහි යාන්ත්‍රණය බැංකුවෙන් සින්න වූ පසු අයිතිකරගත් පුද්ගලයා සමඟ සාකච්චා කළ බවත් ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයකින් එම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඊට අදාළ ගිවිසුම් සකස් වෙමින් පවතින බවත් විමල් වීරවංශ මහතා පැවසුවේ ය.
අමෝදා ජයමහ – දිනමිණ
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…