Sunday, April 19, 2026
Homeදේශීයකන්කසන්තුරේ සිමෙන්ති කම්හල යළි ඇරඹීමට යයි - කර්මාන්ත ඇමැති

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල යළි ඇරඹීමට යයි – කර්මාන්ත ඇමැති

යුද සමයේ හානියට පත් වීම හේතුවෙන් වැසී ගිය කන්කසන්තුරේ සිමෙන්ති කම්හල රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් යළි ආරම්භ කිරීමට සැලසුම් කෙරේ.

යුද්ධයෙන් විනාශයට පත්වීම හේතුවෙන් එම දේපළ යළි භාවිතයට ගැනීමට නොහැකි ලෙස පරිහානියට පත් ව තිබෙන අතර මේ වනවිට එම ඉඩමේ ජනතාව පදිංචි වී සිටින අතර හමුදා කඳවුරුද ස්ථාපිත කර තිබේ.

මේ නිසා කර්මාන්ත ශාලාව නැවත ඇරඹීමට කොතරම් භූමී ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා ද යන්න පිළිබඳව මේ වනවිට සොයා බලමින් සිටින බව ද කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා කොළඹදී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඇඹිලිපිටිය කඩදාසි කම්හලහි යාන්ත්‍රණය බැංකුවෙන් සින්න වූ පසු අයිතිකරගත් පුද්ගලයා සමඟ සාකච්චා කළ බවත් ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයකින් එම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඊට අදාළ ගිවිසුම් සකස් වෙමින් පවතින බවත් විමල් වීරවංශ මහතා පැවසුවේ ය.

අමෝදා ජයමහ – දිනමිණ 

READ:   ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ට ජයක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්