ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් අනුග්‍රහයෙන් ‘සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උලෙළ’ මේ මස 11දා ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සබුද්ධි සාහිත්‍ය කවය විසින් සංවිධාන කරන මේ සම්මාන උලෙළේදී ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන සබුද්ධි රන් සම්මානය සඳහා ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ යන මහත්වරුන් තෝරා ගෙන ඇත. සිංහල ක්‍රිකට් විස්තර විචාරකයන් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා දශක 5කට අධික කාලයක් කරන ලද මහඟු සේවය ඇගයීමක් ලෙස මේ දෙදෙනාට රන් සම්මාන පිරිනැමේ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා සහභාගී වන මේ සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ මලල ක්‍රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහ ද රන් සම්මානයෙන් පිදුම් ලබනු ඇත. තවද ක්‍රීඩා සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ 10ක් යටතේ සම්මාන සහ කුසලතා සහතික පත්‍ර පිරිනැමෙන මේ උලෙළේදී පසුගිය වසරට අදාළව වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා, ක්‍රීඩා සාහිත්‍ය ශාස්ත්‍රීය කෘතිය සහ ක්‍රීඩා සාහිත්‍ය විවිධ විෂයික කෘතිය මෙන්ම දිනපතා සහ සතිපතා පුවත්පත් යන අංශ සම්මානයට පාත්‍ර වනු ඇත. එසේම වසරේ ගුවන් විදුලිය, රූපවාහිනිය සහ නව මාධ්‍ය (වෙබ්අඩවි) යන අංශ මෙන්ම වසරේ ක්‍රීඩා සඟරාව සඳහා ද සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන පිරිනැමේ.
dinamina
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…