දේශීය

අනුරාධපුර පූජා භූමි සංවර්ධන මහ සැලැස්ම ජනපති අතින්

ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (05) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව රුවන්වැලි මහා සෑ පුදබිමට ගිය රාජපක්ෂ මැතිතුමා රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැක සුහඳ පිළිසඳරක නිරත විය.

රුවන්වැලි මහා සෑ රදුන් අභියස ආගමික වතාවත්හි නිරත වූ ජනාධිපතිතුමා අනුරාධපුරය පූජා භූමි සංවර්ධන මහ සැලැස්ම විමර්ශනය කළේය.

ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 450කි. කලාප 03ක් යටතේ ව්‍යාපෘති 28ක් ලෙස සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවේ. ඉදිකිරීම් 2024 දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට නියමිත ය. සැලැසුම් පිළිබඳව පැවැති සාකච්ඡාවට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අංජලී දේවරාජ් මහත්මිය, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් සිල්වා, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරු ඇතුළු නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ.

dinamina.lk

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago