ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (05) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.
පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
අනතුරුව රුවන්වැලි මහා සෑ පුදබිමට ගිය රාජපක්ෂ මැතිතුමා රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැක සුහඳ පිළිසඳරක නිරත විය.
රුවන්වැලි මහා සෑ රදුන් අභියස ආගමික වතාවත්හි නිරත වූ ජනාධිපතිතුමා අනුරාධපුරය පූජා භූමි සංවර්ධන මහ සැලැස්ම විමර්ශනය කළේය.
ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 450කි. කලාප 03ක් යටතේ ව්‍යාපෘති 28ක් ලෙස සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවේ. ඉදිකිරීම් 2024 දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට නියමිත ය. සැලැසුම් පිළිබඳව පැවැති සාකච්ඡාවට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අංජලී දේවරාජ් මහත්මිය, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් සිල්වා, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරු ඇතුළු නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ.
dinamina.lk
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…