විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඇතුළු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 256 දෙනකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල ඊයේ (04දා) ‘දිනමිණ’ පුවත් පතට පවසා තිබෙනවා. දිනමිණ ඒ බව අද වාර්තා කර තිබෙනවා.
මහර බන්ධනාගාර ගැටුම මැඬපැවැත්වීමට සහභාගී වූ නිලධාරීන් සහ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කොවිඩ්-19 සම්බන්ධ අවධානම් රාජකාරි හී නියුතුව සිටි නිලධාරීන් පිරිසක් මෙලෙස නිරෝධායනය කඳවුරු වෙත යොමුකර ඇති බවද එම කාර්යාලය කීය. පවතින කොවිඩ් අවධානම හමුවේ විශේෂ කාර්යය බළකායේ අවධානම් රාජකාරි කළ නිලධාරීන් නිසි නිරෝධායන ක්‍රියාවලියකට ලක්නොකර සැලසුමකින් තොරව රාජකාරි සඳහා අනුයුක්ත කරන බවට පසුගිය දින කිහිපයේම ‘දිනමිණ’ දිගින් දිගටම තොරතුරු වාර්තා කළේය.
ඊට විසඳුමක් සපයමින් මෙලෙස නිලධාරීන් නිරෝධායනයට යොමුකර තිබුණ ද කොළඹ හා තදාසන්න ප්‍රදේශ හී රාජකාරි අවශ්‍යතාව සඳහා වෙනත් කඳවුරුවලින් නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බවත් විශේෂ කාර්ය බළකායේ දෛනික රාජකාරි කටයුතු ගැටලුවකින් තොරව සිදුවන බවත් උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
මුලාශ්‍ර දිනමිණ
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…