දේශීය

මහර ගැටුම ඇති කළේ පෙති බීලා ද?

ගබඩාවේ තිබූ ඖෂධ 6ක් ගැන විශේෂඥ වාර්තා ගන්නවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මහර බන්ධනාගාරයේ කලබල ඇති කළ රැඳවූවන් විවිධ පෙති වර්ග පානය කර එම ගැටුම් ඇති කළේද යන්න සොයා බැලීමට එම බන්ධනාගාර ඖෂධ ගබඩාවේ තිබූ ඖෂධ වර්ග 06ක් පිළිබඳ විශේෂඥ වාර්තා ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා.

සාමාන්‍ය රෝග සඳහා භාවිත නොකරන පෙති වර්ග 21,000ක් පමණ එහි තිබූ බවත් මේ අතරින් ආතේන් නමැති ඖෂධය ඇතුළු පෙති වර්ග06ක් පිළිබඳ ඖෂධ විශේෂඥයන්ගේ වාර්තාවක් ලබා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බවත් ඒ මහතා අවධාරණය කරයි.

මෙවැනි ඖෂධ පානය කිරීමෙන් පසුව එම රැඳවූවන් කලහකාරී ලෙස හැසිරුණු බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු වඩාත් තහවුරු කර ගැනීම පිනිස මෙම විශේෂඥ වාර්තා ලබා ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මහර බන්ධනාගාරසිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේදී විමර්ශන සිදුකරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මේ වන විට ප්‍රකාශ 56 ක් සටහන් කරගෙන තිබේ. පෙරේදා (03) ප්‍රකාශ 30ක් සටහන් කරගෙන ඇති අතර ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ, එක් වෛද්‍යවරයෙකුගේ, රැඳවූවන් 12 දෙනකුගේ සහ පිරිමි හෙද නිලධාරීන් 04 දෙනකුගේ ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කියයි.පසුගිය 02 දිනදී ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 26 දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

මෙම කැරැල්ල පිටුපස යම් කිසි පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් සිටී ද අනුබල දුන්නේ කවුරුන් විසින් ද යන්න පිළිබඳ ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශන සිදුකරන බව ද වැඩිදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මේ අතර මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාවක් එළඹෙන සඳුදා විෂයභාර අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා වෙත භාරදීමට නියමිතව තිබේ. එම කමිටුව පෙරේදා (03)දිනයේදී පළමුවරට මහර බන්ධනාගාර පරිශ්‍රයට ගොස් සාක්ෂි සටහන් කරගනු ලැබීය. එහිදී රැඳවුවන් 10 දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඊයේ(4) දෙවන දිනයේදී වැලිකඩ, බන්ධනාගාර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී රැස්වූ මෙම කමිටුව බන්ධනාගාර රැඳවුවන්ගෙන් සහ බන්ධනාගාර නිලධාරින්ගෙන් ප්‍රකාහ සටහන් කරගෙන තිබිනි. බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ කාර්යභාරය වන අතර මෙයට අමතරව ගත යුතු කෙටිකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද නිර්දේශ ඉදිරිපත් කෙරෙනු ඇත.

දිනමිණ 

Recent Posts

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

5 hours ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

5 hours ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

5 hours ago

Ceylon Green Life Plantation පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…

7 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

3 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

3 days ago