දේශීය

ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතන සැකකරු අබුඩාබි පොලිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා වන රංජන් සිල්වා මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයට අනුව අබුඩාබි පොලිසිය විසින් මෙම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියාවන දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුවූ රංජන්ද සිල්වා මහතා 2018 මැයි මස 24 වෙනි දින එක්තරා කණ්ඩායමක් විසින් ඝාතනය කර තිබුණි.

මෙම ඝාතනය මෙහෙයවනු ලැබූ තැනැත්තා ධර්මසිරි පෙරේරා නැමැත්තෙකු බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබූ අතර ඔහු එම ඝාතනයත් සමග මෙරටින් පලාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත්වන බවට තොරතුරු අනාවරණය වී තිබු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ පුද්ගලයා සම්බන්ධයෙන් නිරන්තරයෙන් කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ මොහු තවත් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවත් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මීට මාස කිහිපයකට පෙර අධිකරණය මගින් මෙම ධර්මසිරි පෙරේරා නැමැත්තා සම්බන්ධව වරෙන්තුවක් ලබාගත් බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම වරෙන්තුව අන්තර්ජාතික පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රතු නිවේදනයක් ඉල්ලා සිටී බවද කියා සිටියේය.

ඒ අනුව අදාල තැනැත්තා සම්බන්ධයෙන් ඉන්ටර්පොල් ආයතනය රතු නිවේදනයක් නිකුත් කර තිබුණි. එම රතු නිවේදනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ටර්පොල් ශාඛාව වෙත නිකුත් කිරීමෙන් අනතුරුව පසුගිය 29 දා මෙම සැකකරු අබුඩාබි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්ටර්පොල් ශාඛාව වෙත දන්වා එවා ඇත.

දිනමිණ

Recent Posts

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

58 mins ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

60 mins ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

1 hour ago

Ceylon Green Life Plantation පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…

3 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

3 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

3 days ago