දේශීය

මහර බන්ධනාගාරයේ තත්ත්වය සාමකාමියි – ආරක්ෂක ලේකම්

පසුගියදා නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ මහර බන්ධනාගාරයේ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම සාමකාමි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අද (01) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව විමසා සිටියේ ජාතික ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය. මෙම උපදේශක කාරක සභාවට තිහකට අධික මන්ත්‍රීවරයන් පිරිසක් ද සහභාගීව සිටිනු දක්නට ලැබිණි.

මේ වන විට මහර බන්ධනාගාරයේ සිටින රැඳවියන් 2500 ක් අතරින් ,  කොවිඩ් 19 වෛරසය ආසාදිත රැඳවියන්  189 ක් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කර ඇති අතර ඇප ලබා සිටින 100 කට ආසන්න රැදවියන් ද  පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කර නිවෙස් බලා යැවීමට කටයුතු  යොදා තිබෙන බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවසීය.

මහර බන්ධනාගාරයේ  ඖෂධ ගබඩාවේ ,මානසික ව්‍යාකූලතා සඳහා භාවිත කරන  වර්ග තුනක  ඖෂධ පෙති 21,000 ක් තිබී ඇති අතර  රැඳවියන් තමන් ඇබ්බැහි වී සිටි මත්ද්‍රව්‍ය  වෙනුවට  එම ඖෂධ පාවිච්චි කිරීමෙන් මෙම නොසන්සුන්කාරී වාතාවරණය  උද්ගත වන්නට ඇත්දැයි  සොයා බලමින් තිබෙන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

හෙට (02) දිනය වනවිට මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නියාමකයන්ගේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලු ගැටලු සම්පූර්ණයෙන් නිරාකරණය කරන බවද ආරක්ෂක ලේකම්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් මහතා කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.

මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට පැමිණි සෙසු මන්ත්‍රීවරුන් විසින් සිය ප්‍රදේශයන්හි පවතින මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳව සභාපතිවරයාගේ අවධානයට යොමුකළ අතර  ඒ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් නිසිලෙස පුනරුත්ථාපනය ට වැඩපිළිවෙළක් යෙදීම අත්‍යවශ්‍ය බවද යෝජනා කෙරිණි .ඒ අවස්ථාවේදී පිළිතුරු දුන් ආරක්ෂක ලේකම්වරයා මේ වන විට මත්ද්‍රව්‍ය මර්දනය සඳහා දීපව්‍යාප්තව දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් ,එහි ප්‍රතිඵලයක් ලෙස මේ දිනවල වෙළඳප‍ළේ මත්ද්‍රව්‍ය මිල ඉහළ මට්ටමක පවතින අතර එහි  සංයුතිය ඉතා පහත මට්ටමකට වැටී ඇති බව පෙන්වා දුන්නේය. 

ඊට අමතරව ,දීර්ඝකාලීනව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළක්  ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්  පුනරුත්ථාපනය සඳහා  කන්දකාඩු මධ්‍යස්ථානය ට අමතරව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ  සහයෝගයෙන්  නිට්ටඹුව ප්‍රදේශයේ  1000 කට ,පල්ලන්සේන  600 කට, වීරවිල 2000 කට , ඇඹිලිපිටියේ තරුණ සේවා මධ්‍යස්ථානයේ 600 කට ද නේවාසික ව  පුනරුත්ථාපනය විය හැකි ගොඩනැගිලි මේ වන විට කඩිනමින්  සූදානම් කෙරෙමින් ඇති බව දැනුම් දුන්නේය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ද  සහයෝගයෙන් යුතුව විවෘත බන්ධනාගාර සංකල්පයද සහිතව මෙම වැඩපිළිවෙළ නුදුරේදීම දියත් කිරීමට නියමිත බව ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩිදුරටත් සදහන් කෙරිණී .

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සභාපතිත්වය දරන  මෙම උපදේශක කාරක සභාව අද  පාර්ලිමේන්තුවේ දී  මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන්   යුතුව පැවැත්වුණු අතර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න  මහතා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ  නිලධාරීන්ද ,යුද හමුදාව,නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ  නිලධාරීන්ද  මේ සඳහා සහභාගි වූහ . 

දිනමිණ

Recent Posts

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

12 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

2 days ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

3 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

4 days ago