නාවික හමුදාව පුත්තලම කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1372 කට අධික තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් පස් දෙනෙක් (05) 2020 නොවැම්බර් මස 28 වන දින රාත්‍රි කාලයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
වයඹ නාවික විධානය විසින් පුත්තලම කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ අන්තර්ජාතික මුහුදු සීමාවට (IMBL) ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම මුහුදු ප්‍රදේශයේ තිබු සැකකටයුතු ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් නිරීක්ෂණය කරන ලදී. පසුව සිදුකළ වැඩිදුර පරික්ෂාවේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ උර 39ක අසුරන ලද වියළි කහ කිලෝ 1372 යි ග්‍රෑම් 300 ක පමණ තොගයක් සොයාගන්නා ලද අතර, එම කහ තොගය සමග ඩව් (Dhow) යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතික සැකකරුවන් පස් දෙනෙකු (05) සහ යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයටගත් මෙම යාත්‍රාවෙන් ගෙන එන කහ තොගය මුහුදේදී ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාවකට හුවමාරු කිරීමට මෙම ජාවාරම් කරුවන් සැලසුම්කර තිබෙන්නට ඇතැයි නාවික හමුදාව සැකකෙරේ.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් කහ තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා නාවික හමුදා භාරයේ තබා ඇත. එමෙන්ම පවතින වසන්ගත තත්වය හේතුවෙන් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතිකයින් පස් දෙනා (05) සහ ඩව් (Dhow) යාත්‍රාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට පිටුවහල් කිරීමට කටයුතු කරන ලදී.
නාවික හමුදාව
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…