දේශීය

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය : මළ සිරුරු 06ක් රාගම රෝහලට – 37කට තුවාල

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 06 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් ඇතැයි සදහන් වේ. මීට අමතරව සිද්ධියෙන් තුවාල ලැබූ 37 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත. ඒ අතරින් සිරකරුවන් 35දෙනෙක් හා දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

 ඊයේ වන මහර බන්ධනාගාරයෙන් කොවිඩ් ආසාදිත රැඳවියන් 183 දෙනකු වාර්තාවිමත් සමගම එම බන්ධනාගාරයේ රැඳවියන් අතර නොසන්සුන් තාවයක් ඇතිවී ඇතිඅතර එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළා යාමට අත්සහ දරා තිබේ. මෙම නොසන්සුන්තාව පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය සඳහා කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ රාගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් පහක් සහ විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී වරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කිහිපයත් යෙදවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

  බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවනු ලැබු අතර කැළණිය සහ රාගම පොලිස් ස්ථානවලින්ද පොලිස් කණ්ඩායම් යොදවා ඇත. මේ අතර මහර බන්ධනාගාරයේ මුළුතැන්ගෙට රැඳවූවන් විසින් ගිනි තබා ඇති බව ද වාර්තා වෙයි. සිද්ධිය ගැන සොයා බැලීමට ඇමැතිවරිය කමිටුවක් පත්කර ඇත.

www.dinamina.lk/

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

8 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

8 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago