මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 06 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් ඇතැයි සදහන් වේ. මීට අමතරව සිද්ධියෙන් තුවාල ලැබූ 37 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත. ඒ අතරින් සිරකරුවන් 35දෙනෙක් හා දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඊයේ වන මහර බන්ධනාගාරයෙන් කොවිඩ් ආසාදිත රැඳවියන් 183 දෙනකු වාර්තාවිමත් සමගම එම බන්ධනාගාරයේ රැඳවියන් අතර නොසන්සුන් තාවයක් ඇතිවී ඇතිඅතර එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළා යාමට අත්සහ දරා තිබේ. මෙම නොසන්සුන්තාව පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය සඳහා කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ රාගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් පහක් සහ විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී වරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කිහිපයත් යෙදවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවනු ලැබු අතර කැළණිය සහ රාගම පොලිස් ස්ථානවලින්ද පොලිස් කණ්ඩායම් යොදවා ඇත. මේ අතර මහර බන්ධනාගාරයේ මුළුතැන්ගෙට රැඳවූවන් විසින් ගිනි තබා ඇති බව ද වාර්තා වෙයි. සිද්ධිය ගැන සොයා බැලීමට ඇමැතිවරිය කමිටුවක් පත්කර ඇත.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…