දේශීය

මහර බන්ධනාගාරයේ තුවාලකරුවන් 71 ක්

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගේ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි.  මෙම ගැටුම හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තිබේ.  

එසේම රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මහර බන්ධනාගාර සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බවයි. මහර බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් පිරිසක් ඊයේ (29) පස්වරුවේ පළායාමට උත්සාහ කළ අතර එම උත්සාහය ව්‍යවර්ථ කිරීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායද කැඳවා තිබේ. ආරක්ෂක අංශ පවසන්නේ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට සිදු වූ බවයි. 

මෙම නොසන්සුන්කාරී තත්ත්වය අතරමැද බන්ධනාගාරය තුළ ගින්නක් ද හටගෙන තිබූ අතර අද පෙරවරුව වනවිට එම ගින්න මැඩපැවැත්වීමට සමත්ව තිබේ.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

19 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

19 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago