කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉදුරාම බඳවා ගැනීම් අංක 34වන පාඨමාලාවේ විසිර යාමේ පෙළපාළිය සෙනසුරාදා (28) උෟව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී පැවැත්විණි. ඒ සදහා ප්‍රධාන පෙළේ ආරාධිත අමුත්තා ලෙස 68 වන සේනාංකාධිපති හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ මහතා පෙළපාළියට සහභාගී විය.
මාස 18 කට වඩා වැඩි කාලයක් පැවති අභියෝගාත්මක හා දැඩි ශාරීරික හා මානසික පුහුණුවක් සාර්ථකව නිම කිරීමෙන් පසු නිලධාරීන් හත්දෙනෙකු සහ සෙබළුන් 175 දෙනෙකු මෙම නිර්භීත පුත්‍රයන්ගේ පවුලට සම්බන්ධ විය. 68 වන සේනාංකයේ සාමාන්‍යාධිකාරී අණදෙන නිලධාරීතුමා මෙම අවස්ථාවට කෙටි දේශනයක් කළ අතර අලුතින් එන් කමාන්ඩෝ භටයින්ට ඔවුන්ගේ අනාගත කටයුතුවලදී ඔවුන් ලබා දෙන දැඩි පුහුණුවේ වැදගත්කම හා අදාළත්වය සහ අනාගතයේ දී ඔවුන් භාර ගැනීමට යන ජාතික වගකීම පිළිබඳව සිහිපත් කළේය.
නවක උපාධිධාරී නිලධාරීන් සහ සෙබළුන් උසස් කමාන්ඩෝ උපක්‍රම, කුඩා කණ්ඩායම් උපක්‍රම, සාම්ප්‍රදායික නොවන යුද උපක්‍රම, මෙහෙයුම් සැලසුම් කිරීම්, ආයුධ හැසිරවීම, ප්‍රගුණ සටන්, පුපුරණ ද්‍රව්‍ය හැසිරවීම, උපායශීලී සටන් ක්‍රම, ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම හා විශේෂ පුද්ගල ආරක්ෂා කිරීම හා යුධ සුනඛ හැසිරවීම යන දෑ පුහුණුව ලබා ඇත
Dinamina
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…