ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය වජිර දිසානායක මහතා පත් කර තිබේ.
වෛද්‍ය ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ස්වාධීනත්වය තහවුරු වන පරිදි පංච පුද්ගල කමිටු නිර්දේශයන්ට අනුව කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය වජිර දිසානායක මහතා මේ ධුරයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න හිතවාදී මහාචාර්ය හරින්ද්‍ර සිල්වා මහතා ඇතුළු එහි නිලධාරීන් පිරිසක් වෛද්‍ය අධ්‍යාපනය හෑල්ලුවට ලක් කරමින් ගෙන ගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සොයා බැලීමට වත්මන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පංච පුද්ගල විද්වත් කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුවේ නිර්දේශ අනුව ප්‍රධාන කරුණු පහකටම වැරදිකරු ලෙස මහාචාර්ය හරින්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිස නම් කර ඇති බවත් ඒ අනුව නව සභාපතිවරයා නම් කර ඇති බවත් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා දැනුම් දෙයි.
දිනමිණ
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…