ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය වජිර දිසානායක මහතා පත් කර තිබේ.
වෛද්‍ය ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ස්වාධීනත්වය තහවුරු වන පරිදි පංච පුද්ගල කමිටු නිර්දේශයන්ට අනුව කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය වජිර දිසානායක මහතා මේ ධුරයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න හිතවාදී මහාචාර්ය හරින්ද්‍ර සිල්වා මහතා ඇතුළු එහි නිලධාරීන් පිරිසක් වෛද්‍ය අධ්‍යාපනය හෑල්ලුවට ලක් කරමින් ගෙන ගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සොයා බැලීමට වත්මන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පංච පුද්ගල විද්වත් කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුවේ නිර්දේශ අනුව ප්‍රධාන කරුණු පහකටම වැරදිකරු ලෙස මහාචාර්ය හරින්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිස නම් කර ඇති බවත් ඒ අනුව නව සභාපතිවරයා නම් කර ඇති බවත් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා දැනුම් දෙයි.
දිනමිණ
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…