Wednesday, June 17, 2026
Homeදේශීයවෛද්‍ය සභාවේ නව සභාපති මහාචාර්ය වජිර දිසානායක

වෛද්‍ය සභාවේ නව සභාපති මහාචාර්ය වජිර දිසානායක

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය වජිර දිසානායක මහතා පත් කර තිබේ.

වෛද්‍ය ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ස්වාධීනත්වය තහවුරු වන පරිදි පංච පුද්ගල කමිටු නිර්දේශයන්ට අනුව කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය වජිර දිසානායක මහතා මේ ධුරයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න හිතවාදී මහාචාර්ය හරින්ද්‍ර සිල්වා මහතා ඇතුළු එහි නිලධාරීන් පිරිසක් වෛද්‍ය අධ්‍යාපනය හෑල්ලුවට ලක් කරමින් ගෙන ගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සොයා බැලීමට වත්මන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පංච පුද්ගල විද්වත් කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවේ නිර්දේශ අනුව ප්‍රධාන කරුණු පහකටම වැරදිකරු ලෙස මහාචාර්ය හරින්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිස නම් කර ඇති බවත් ඒ අනුව නව සභාපතිවරයා නම් කර ඇති බවත් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා දැනුම් දෙයි.

දිනමිණ

READ:   වතු කම්කරුවන් හර්තාල් කරයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්