Wednesday, April 15, 2026
Homeදේශීයණය උගුලක අපි හිර වූ ආකාරය ඔබේ දේශපාලන මතය මොහොතකට අතහැර විනාඩියක්...

ණය උගුලක අපි හිර වූ ආකාරය ඔබේ දේශපාලන මතය මොහොතකට අතහැර විනාඩියක් අරන් කියවන්න..

මෙරට ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවරයෙකු වන ඒ.ඩී.එස් ගුණවර්ධන මහතා මෑතකදී ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ නිල සාකච්ඡාවකදී ලංකාව ණය උගුළක පැටලුණු ආකාරය නිදර්ශන සහිතව ඉදිරිපත්කළේය.කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය ආරම්භ කිරීමත් සමග ඇතිකරණලද ව්‍යාපෘති මගින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් කොල්ලකා ඇති ආකාරය එම නිදර්ශනවලින් මනාව පැහැදිලි වේ.

* මාදුරු ඔය ව්‍යාපෘතිය – CECB ඇස්තමේන්තුව (කුලසිංහ මහතා) – රුපියල් මිලියන 725 වූ අතර එම ව්‍යාපෘතිය කැනඩාවෙන් මිලියන 2450 ක ණයක් ගෙන ශ්‍රී ලංකා රජය මගින් තවත් අමතර රුපියල් මිලියන 850 ක් යොදවා නිමකළා – වියදම රුපියල් මිලියන 3300

* කැළණි පාලම – මාර්ග සංවර්ධන අධිකාරියේ ඇස්තමේන්තුව රුපියල් මිලියන 540 – ජපානයෙන් රුපියල් මිලියන 1500 ක ප්‍රදානයක් ලබා ගෙන ශ්‍රී ලංකා රජය මගින් තවත් අමතර රුපියල් මිලියන 540 ක් යොදවා නිමකළා – වියදම රුපියල් මිලියන 2040

* මිණිපේ ඇල – ඇස්තමේන්තුව රුපියල් මිලියන 600 – ඉතාලි කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1200

* මිණිපේ නාගදීප – SD & CC ඇස්තමේන්තුව රුපියල් මිලියන 155 – ජපන් සමාගමේ ඇස්තමේන්තුව රුපියල් මිලියන 455 – ශ්‍රී ලාංකික ADS ආයතනය එය රුපියල් මිලියන 136 කින් නිමකලා

* කුඩාවැල්ල අමුණ – (මැණික් ගඟ හරහා අඩි 225 දිග – කි.මී 10 දිග ඇල – වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව රුපියල් මිලියන 90 – ජපාන සමාගමේ රුපියල් මිලින 250 – වාරිමාර්ග දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 60 කින් නිම කලා

* වෙහෙරගල – ඇස්තමේන්තුව රුපියල් මිලියන 1800 – නිමකලේ රුපියල් මිලියන 2000 කින්

* කළුතර පාලම – ඇස්තමේන්තුව රුපියල් මිලියන 110 – SKANSKA ආයතනය එය නිමකලේ රුපියල් මිලියන 2450 කින්

* තණමල්විල උඩවලවේ පාලම – මාර්ග සංවර්ධන අධිකාරිය ඇස්තමේන්තුව මිලියන 23 – වාරිමාර්ග දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 6.1 කින් නිමකලා.

රජයට සම්බන්ධ විවිධ ආයතන විවිධ ඇස්තමේන්තු ඉදිරිපත් කලා.මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කල එක්‌ ඉංජිනේරු මහත්මයකුගේ ඉදිරිපත්කිරීමක්.අනෙක් සිය ගණනක් ආයතන වල මොනවා වෙන්නට ඇත්ද?පුරවැසියන් ලෙස සැම අමාත්‍යාංශයක ම මෙවැනි තොරතුරු ඔබ සොය බැලිය යුතු අතර, පුද්ගලයෙක් හෝ කන්ඩායමක් දේශපාලනයේ යෙදෙන අරමුණ ඔබ වටහාගත යුත්තේ මේ නිසාය.උපුටා ගැනීමකි..

READ:   අද වැසි රහිත කාලගුණයක්

https://www.facebook.com/thambapannipage/videos/798148287399033/

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්