හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් ඊයේ (23) ඉවත් කරන ලදී .
එම විදෙස් ගමන් තහනම ඉවත් කිරීම පිළිබඳ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හා ගුවන්තොටුපොළ වෙත වහා දන්වන ලෙසට ද විනිසුරුවරයා ඊයේ (23) කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.
2015 ජනාධිපතිවරණය පැවැති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක් වැය කර නිවාස ආධාර දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිවු දෙනකුට එරෙහිව නීතිපතිවරයා පවරා අති නඩුව ඊයේ(23) කැඳවූ අවස්ථාවේ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.
මෙම නඩුව සඳහා ඇප නියම කිරීමේදී බැසිල් රාජපක්ෂ මහතා ට පනවා තිබූ සෑම තුන් මසකට වරක් රහස් පොලිසිය වෙත වාර්තා කිරීමේ ඇප කොන්දේසිය ද විනිසුරුවරයා විසින් ඊයේ(23) ඉවත් කරන ලදී.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝග නිකුත් කළේය.
තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින්පත්ර ඇති ආර්ථික කාර්ය සාධක කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කරන බවත් ඊට අදාළ රාජකාරීමය කටයුතු වෙනුවෙන් විදෙස්ගතවීමට අවශ්‍ය වන බැවින් ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඊට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ ලිපියක් ද ඉදිරිපත් කරමින් විනිසුරුවරයාගෙන් ඊයේ (23) එසේ ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සම්බන්ධයෙන් තමා විරුද්ධ නොවන බව නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ , ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක හා එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක බන්ධුල තිලකසිරි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත .
විත්තිකරුවන් ඊයේ(23) අධිකරණය හමුවේ පෙනීසිටි අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනුකරමින් ඉල්ලා සිටියේ තම සේවාදායකයන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවී නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනකේ 200 වගන්තිය යටතේ විත්තිවාචකයක් නොකැඳවාම ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙසට ඉල්ලීය.
විත්තියේ එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා නඩුව යළි හෙට (25) කැදවේ.
dinamina.lk
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…