දේශීය

නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තුමේන්තුව හෙට සිට වැඩ

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නාරාහේන්පිට ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක්ව පැවැතියද අද (24) සිට නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පිහිටි ප්‍රදේශය මුදා හැරීමට රජය තීරණය කොට ඇත

ඒ අනුව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් සේවාලාභීන් අපහසුතාවයට පත් නොවන ආකාරයට යළි විවෘත කිරිමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් සී.කේ .අලහකොන් මහතා පවසයි.

නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය විවෘත කළද සේවා සැපයීම සදහා කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම මත සිදු කෙරේ.සතියේ දිනවල පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා සේවා සපයන අතර පහතින් හදුන්වාදී ඇති දුරකථන අංක අමතා කල්වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන් කර ගත හැකිය. මීට අමතරව යාපනය,අනුරාධපුරය,කුරුණෑගල ,ගම්පහ හා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල මගින් වාහන පැවරීමට අදාල සේවාවන් තව දුරටත් පවත්වාගෙන යන බැවින් ඔබට ආසන්නම ඇති කාර්යාලයෙන් තම සේවාවන් ලබා ගැනීමේ පහසුකම් සපයා තිබේ.

දෙපාර්තුමේන්තුවේ කාර්යාල පරිශ්‍රවයන් වෙත පැමිණෙන විට සෞඛ්‍ය හා ආරක්ෂක මගින් පනවා ඇති නීති රීති හා උපදෙස් වලට අනුකෑලව කටයුතු කළයුතුවෙයි. මුඛ ආවරණ පැළදීම ,දෑත් සේදීම ,සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම යන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න .

කාර්,වෑන් ලොරි නව ලියාපදිංචිය 0706354107,0706354108,බස් හා ඉඩම් වාහන නව ලියාපදිංචිය 0706354109,යතුරු පැදි නව ලියාපදිංචිය 0706354110,0706354111,ත්‍රීරෝද රථ ලියාපදිංචිය 0706354112,කාර් පැවරුම් 070635414,0706354115,ත්‍රීරෝද රථ පැවරුම් 0706354116,0706354117,වෙළද වාහන පැවරුම් 0706354118,0706354119,ලොරි පැවරුම් 0706354120,යතුරු පැදි පැවරුම් 0706354137,0706354138,බස් හා ඉඩම් වාහන පැවරුම්0706354139,0706354140,අංක තහඩු 0706354141,කාර්මික 0706354142,විමර්ශන0706354144,සුඛෝපභෝගී /අර්ධ සුඛෝපභෝගී බදු 0706354145,අනෙකුත් විමසීම් සදහා 0706354146,0706354147,0706354148,0706354149 හා පැමිණිලි හා යෝජනා 0706354150 යන දුර කථන අංක වලට ඇමතුම් ලබා ගෙන තම සේවාවන් ලබා ගන්නා ලෙසද සුමිත් අලහකොන් මහතා ඉල්ලා සිටී.

ගගන වෙඩ් නිවුස්

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 hour ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 hour ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago