දේශීය

නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තුමේන්තුව හෙට සිට වැඩ

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නාරාහේන්පිට ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක්ව පැවැතියද අද (24) සිට නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පිහිටි ප්‍රදේශය මුදා හැරීමට රජය තීරණය කොට ඇත

ඒ අනුව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් සේවාලාභීන් අපහසුතාවයට පත් නොවන ආකාරයට යළි විවෘත කිරිමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් සී.කේ .අලහකොන් මහතා පවසයි.

නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය විවෘත කළද සේවා සැපයීම සදහා කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම මත සිදු කෙරේ.සතියේ දිනවල පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා සේවා සපයන අතර පහතින් හදුන්වාදී ඇති දුරකථන අංක අමතා කල්වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන් කර ගත හැකිය. මීට අමතරව යාපනය,අනුරාධපුරය,කුරුණෑගල ,ගම්පහ හා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල මගින් වාහන පැවරීමට අදාල සේවාවන් තව දුරටත් පවත්වාගෙන යන බැවින් ඔබට ආසන්නම ඇති කාර්යාලයෙන් තම සේවාවන් ලබා ගැනීමේ පහසුකම් සපයා තිබේ.

දෙපාර්තුමේන්තුවේ කාර්යාල පරිශ්‍රවයන් වෙත පැමිණෙන විට සෞඛ්‍ය හා ආරක්ෂක මගින් පනවා ඇති නීති රීති හා උපදෙස් වලට අනුකෑලව කටයුතු කළයුතුවෙයි. මුඛ ආවරණ පැළදීම ,දෑත් සේදීම ,සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම යන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න .

කාර්,වෑන් ලොරි නව ලියාපදිංචිය 0706354107,0706354108,බස් හා ඉඩම් වාහන නව ලියාපදිංචිය 0706354109,යතුරු පැදි නව ලියාපදිංචිය 0706354110,0706354111,ත්‍රීරෝද රථ ලියාපදිංචිය 0706354112,කාර් පැවරුම් 070635414,0706354115,ත්‍රීරෝද රථ පැවරුම් 0706354116,0706354117,වෙළද වාහන පැවරුම් 0706354118,0706354119,ලොරි පැවරුම් 0706354120,යතුරු පැදි පැවරුම් 0706354137,0706354138,බස් හා ඉඩම් වාහන පැවරුම්0706354139,0706354140,අංක තහඩු 0706354141,කාර්මික 0706354142,විමර්ශන0706354144,සුඛෝපභෝගී /අර්ධ සුඛෝපභෝගී බදු 0706354145,අනෙකුත් විමසීම් සදහා 0706354146,0706354147,0706354148,0706354149 හා පැමිණිලි හා යෝජනා 0706354150 යන දුර කථන අංක වලට ඇමතුම් ලබා ගෙන තම සේවාවන් ලබා ගන්නා ලෙසද සුමිත් අලහකොන් මහතා ඉල්ලා සිටී.

ගගන වෙඩ් නිවුස්

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

3 mins ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

5 mins ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago