ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම්දී අදට (18) වසරක් සපිරෙයි.
2019 නොවැම්බර් මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් තරග කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 6,924,255ක් ලබමින් ජයග්‍රහණය කළේය.
රාජපක්ෂ මහතා ඵෙතිහාසික අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ මළුවේදී විධායක ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ මීට වසරකට පෙර එනම් 2019 නොවැම්බර් මස 18දිනය. කෙසේ වුවද අද වනවිට රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සැමරුම් උත්සව කිසිවක් නොපැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙන අතර රටේ පවතින තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් රජයේ ඉදිරි ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් රටවැසියන් දැනුවත් කිරීම සඳහා අද රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිතයි.
Source: Dinamina
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…